රක්ෂිත බන්ධනාගාරගත කළ වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැලිකඩ බන්ධනාගාර රෝහලට!

Date:

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW :

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කළ, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ. ඔහුට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස අධිකරණය විසින් ද නියෝග කර තිබුණු අතර, ඒ අනුව තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ (10) පස්වරුවේ පළමුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුණි.

බන්ධනාගාර ආරංචි පැවසුවේ, ඔහු විශේෂ ආරක්ෂිත ස්ථානයක රඳවා තබන තෙක් එම බන්ධනාගාරයේ පස්වරු 05.00 පමණ තෙක් රඳවා සිටි බවයි. ඉන් අනතුරුව ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහලේ විශේෂ ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් එහි රඳවා තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු වැඩ තහනමට ලක්ව සිටින තුෂාර උපුල්දෙණිය මහතා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. රක්ෂිත බන්ධනාගාර ගත කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ද අද දින අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබෙන බව පැවසේ. බන්ධනාගාර ආරංචි පැවසුවේ , ඔහු මේ වනවිට රඳවා සිටින්නේ දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත ස්ථානයක බවයි.

තවද, අද (11) දිනයේ බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් ගාමිණී දිසානායක මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.ඒ, ජනාධිපති පොදු සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශන වෙනුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.පසුගිය 09 වනදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහු කැඳවා පැය 06ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්ත ලෙජන්ඩ් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 30, කොළඹ (LNW):  එංගලන්තය වෙනුවෙන් මෙතෙක්...

අස්ථි බිඳීම් සුව කිරීමට මිනිත්තු තුනක්? චීනයේ අද්භූත ‘Bone-02’ අලේපනය

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 30, ලෝකය (LNW): චීන විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්...

කටයි වැඩයි පාලනය කර ගන්න නොදන්න ගම්භීර්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 30,  කොළඹ LNW: ගෞතම් ගම්බීර් තරමක ආන්දෝලනයට...

මතක තියා ගන්න මේක උන්ට ගිය රට නෙවෙයි – ‘රටම එකට’ ජාතික මෙහෙයුම අරඹමින් ජනපති කියයි!

කොළඹ LNW:සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු...