*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

උතුරු කොරියාවේ හිටපු අගමැතිගේ දියණිය විදේශ ඇමති ධුරයට

එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතකා උතුරු කොරියාව තව දුරටත් ආක්‍රමණශීලී ලෙස සිය අවි අත්හදා බැලීමේ වැඩසටහන දියත් කරමින් සිටියි.

Pyongyang න්‍යෂ්ටික අත්හදා බැලීමක් කිරීමට සූදානම් වන බවට එක්සත් ජනපදය හා දකුණු කොරියාව අනතුරු අඟවමින් සිටිය දී මේ වන විට උතුරු කොරියාවේ ප්‍රථම කාන්තා විදේශ ඇමතිවරිය ලෙස න්‍යෂ්ටික සාකච්චාකරුවෙකු නම් කර ඇති බව රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

වෘත්තීය වශයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන Choe Son Hui ගේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා කලාපය උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ අධීක්ෂණය මත සිදුවන බව එරට මාධ්‍ය තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

1964 දී Pyongyang හී උපත ලබා ඇති Choe Son Hui උතුරු කොරියාවේ සිටි අගමැති Choe Yong Rimගේ දියණියයි. ඇය 1997 වසරේදී ක්‍රියාත්මක වූ සිව්පාර්ශ්වික න්‍යෂ්ටික සාකච්ඡා වලදී උතුරු කොරියානු නියෝජිතයින්ගේ පරිවර්තිකාව ලෙස ප්‍රථම වරට මාධ්‍ය තුළ පෙනී සිටින්නට විය.

පසුගිය කාලය තුළ ඇයගේ දේශපාලන ජීවිතය වඩාත් කතාබහට ලක් වූවකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ එක්සත් ජනපද නායකත්වය ඉලක්ක කොට සිදු කරන ලද සාකච්ඡා වලට නායකත්වය දෙනු ලැබූ Choe Son Hui උතුරු කොරියාවේ සමුළු අතරතුර කැපී පෙනෙන ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ලැබීය. එමෙන්ම 2018 වසරේ උතුරු කොරියානු නායක කිම් සමඟ සිංගප්පූරුවේදී සහ වසරකට පසුව හැනෝයි හි සමුළු සඳහා එක් සාකච්ඡා මේසයේ වාඩි විය.

ඇය පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජනපදයෙන් හා දකුණු කොරියාවෙන් ඉල්ලා සිටියේ උතුරු කොරියාවට එරෙහිව දියත් කරන සතුරු ප්‍රතිපත්තිය නතර කරන ලෙසයි.

මේ සමඟම කොරියානු ප්‍රතිපත්ති පිළිබඳ එක්සත් ජනපද විශේෂ නියෝජිත Sung Kim විසින් තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ උතුරු කොරියාව හත්වන න්‍යෂ්ටික අත්හදා බැලීමක් කිරීමට සූදානම් වන බව වොෂින්ටනය විශ්වාස කරන බවත්ය. මේ අනුව යමින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කරනු ලැබුවේ ඔවුන්ගේ න්‍යෂ්ටික අවි අත්හදා බලන ස්ථානය සකස් කරමින් සිටින බවයි.

උතුරු කොරියාව මේ වන විට සාර්ථක මිසයිල දියත් කිරීම් 17පමණ සිදු කර ඇති අතර , අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අවස්ථා දෙකකදී සාර්ථකව අත්හදා බලා ඇත.

මේ සියල්ල Choe Son Hui අධීක්ෂණය හා මෙහෙයවීම මත සිදුවන බවට ජාත්‍යන්තර මාධ්‍ය සැක පලකරනු ලබයි.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan