චක්‍රලේඛ ගහන්න ඕන නෑ. ඡන්දෙ තිබ්බ නම් හරි – සජිත් අගමැතිට කියයි (VIDEO)

Date:

මාර්තු 19 වැනිදායි පසු පළාත් පාලන ආයතන ධුර කාලය අවසන් වූ විට ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයකු මෙම ආයතන සම්බන්ධීකරණය සඳහා ඉදිරිපත් කරන ලෙස රජය නිකුත් කළ චක්‍රලේඛය වෙනස් කර ගැනීම සම්බන්ධයෙන් සතුටු වන නමුත් ආණ්ඩුකාරවරයාට සම්බන්ධීකරණය විමට රජයේ සංවර්ධන නිලධාරියකු යොදා ගැනීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සියලු බලතල ක්‍රියාත්මක කිරීමට නීති ප්‍රකාරව පළාත් පාලන කොමසාරිස්වරු, නාගරික කොමසාරිස්වරු සහ පළාත් පාලන ආයතනවල ලේකම්වරු සිටින බවත් නව පත්කිරීම් අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මීට පෙර ඉදිරිපත් කළ චක්‍රලේඛය සේම මෙම නව චක්‍රලේඛනයත් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන බවත් විවිධ අවස්ථාවල විවිධ චක්‍රලේඛ ඉදිරිපත් නොකර බිය නොවී, නිවට නොවී කශේරුකාව ශක්තිමත් කර ගෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් මේ සියලු ප්‍රශ්නවලට ජනවරමෙන් පිළිතුරු ලැබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (9) පාර්ලිමේන්තුවේ දී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...