සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දුම්රිය රියදුරු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමින්, ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ , දුම්රිය පෞද්ගලීකරණය නොකිරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක් කළ යුතු බවයි .
අමාත්‍යවරයා තව දුරටත් පැවසූවේ , ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳ ඔහු විශාල හැදෑරීමක් සිදුකර ඇති බවත් , ඒ අනුව විශාල වෙනස්කම් රැසක් සිදුකළ යුතුව ඇති නමුත් ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බව අමාත්‍යවරයාට නිරීක්ෂණය වූ බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව ආදායම්, වියදම් ගිණුම්කරණය පිළිබඳ ඉතාමත් අකාර්යක්ෂම වීම අද එම දෙපාර්තමේන්තුව පත්ව ඇති තත්ත්වයට හේතුව බවද , පසුගිය කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ඉතා යහපත් ව්‍යාපෘති පවා ඇතැම් නිලධාරීන් ලබා දුන් වැරදි උපදෙස් හේතුවෙන් අහිමි වී ගිය බවද අමාත්‍යවරයා පවසයි .
තවද , විසඳිය හැකි ඕනෑම ගැටළුවක් කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා සහ අගමතිවරයා සමඟ සාකච්ඡාකර විසඳුම් ලබා දීමට තමන් සූදානම් බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??