*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

ඉන්දියාවට කාසියෙන් ලැබුණ වාසිය අපතේ යයි ලෝක ටෙස්ට් කිරුළ ඕස්ට්‍රේලියාවට

ලෝක ටෙස්ට් සූරතාවලිය යටතේ පැවති අවසාන තරගයෙන් ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු වූ තරමට වඩා පහසු ජයක් ලබා ගැනීමට සමත් වුණා.ලකුණු 209 න් ඉන්දියාව පරාජය කරමින් ඔවුන් 2021- 2023 වසරේ ලෝක ටෙස්ට් සූරතාවයට හිමිකම් කීවා.


තරගයේ කාසියේ වාසිය ලබමින් ඉන්දීය නායක රෝහිත ෂර්මා පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඕස්ට්‍රේලියාවට පැවරුවා.ඉන්දීය කණ්ඩායම ඕවල් තණනිල්ලට ගැලපෙන ආකාරයට එක් දඟ පන්දු යවන්නෙක් තෝරා ගනිමින් තරගයට පිවිසි අතර එහිදී ද එම අවස්ථාව රවීන්ද්‍ර ජඩේජාට පවරා තිබුණා.රෝහිත් ෂර්මාගේ තීරණය නිවැරදි යැයි අදහසක් මතු කරමින් ඕසට්‍රේලියාවේ පළමු කඩුල්ල ලෙස සුපිරි පිතකරු ඔස්මන් කවාජා ලකුණු නොලබා දැවී ගිය අතර ඉන්දියාවට ලකුණු 76 ක් වන විට ඕසට්‍රේලියාවේ කඩුලු 3 ක් දවා ගන්නට අවස්ථාව හිමි වුණා.


නමුත් එතැනි සිට ස්ටීව් ස්මිත් සහ ට්‍රෙවිස් හෙඩ් අතර ලකුණු ඇති වූ ලකුණු 285 සබදතාවය තරගය ඉන්දියාව දෙසින් ඒස්ට්‍රේලියාව දෙසට නැඹුරු කළ එකක් වුණා.ස්ටීව් ස්මිත් ලකුණු 121 ලැබූ අතර ට්‍රෙවිස් හෙඩ් ලකුණු 163 ක් එකතු කරනවා.හෙඩ් තරගයේ වීරයා වීමට සුදුසුකම් ලැබූ එම ඉණිම ආක්‍රමණශිලී එකක් වූ අතර ඔහුට ලකුණු 163 සඳහා වැයවෙන්නේ පන්දු 174 ක් පමණයි.නමුත් කඩුලු දැවී යාමේ දී වගකීම සියතට ගත් ප්‍රවින ස්මිත් පන්දු 268 ක් සිය ඉණිමට වැය කරන අතර ඔහු දැවී යන්නේ ට්‍රෙවිස්ට පමණක් නොව ඉන් පසුව පිටියට පිවිසි ග්‍රීන්ටත් පසුවයි.


ස්මිත් සහ හෙඩ් සකසා දුන් පසුබිම සුරකින්නට ඔස්ට්‍රේලියාවේ පසු පෙළ එතරම් සමත්කම් නොදැක් වුවත්,කඩුලු රකින ඇලෙක්ස් කැරී ලබාගත් ලකුණු 48 නිසා ඕස්ට්‍රේලියාවට ලකුණු 469 දක්වා සිය ඉණිම රැඟෙන යන්නට අවස්ථාව හිමි වෙනවා.ඉන්දියාව වෙනුවෙන් කැපී පෙණෙනම පන්දු යවන්නා වූ මොහොමඩ් ෂිරාජ් ලකුණු 108 ට කඩුලු 4 ක් දවා ගන්නවා.


ඉන්දීය ඉනිම වේග පන්දු බල ඇණියේ ග්‍රහණයට හසු කර ගන්න ඕස්ට්‍රේලියාවට හැකිවන අතර නායක කමින්ස් එහිදි පෙරමුණ ගන්නවා.ඔහු ලකුණු 83 ට කඩුලු 3 ක් දවා ගන්නා අතර මිචෙල් ස්ට්‍රාක්,ස්කොට් බොලන්ඩ් සහ කැමරන් ග්‍රීන් කඩුලු 2 බැඟින් දවා ගන්නා අතර පන්දු ඒවර් 4 ක් පමණක් යැවීමට ප්‍රයෝජන ගත් නේදන් ලයන් එක් කඩුල්ලක් දවා ගන්නවා.


ඉන්දීය ඉණිමේ මුල් පෙළේ හොදම කඩුලු සබදතාවය ලෙස අනික්යා රහනේ (89) සහ රවීන්ද්‍ර ජඩේජා (48) අතර පස්වන කඩුල්ලට ලකුණු 71 සබදතාවයක් ඇති වන අතර පසු පෙළ ශක්තිමත් කරමින් රහනේට අපූරු සහයක් දෙමින් ලකුණු 58 ක් රැස් කළ ෂර්දූල් තකූර් හත්වන කඩුල්ලට ලකුණු 109 ක් සබදතාවයක් ඇති කරන්නට සිය දායකත්වය සපයනවා.ඒ අනුව ලකුණු 296 ක් ව තිබියදී ඉන්දීය ඉණිම නිමාවට පත් වෙනවා.


දෙවන ඉණිමේදී ඕවල් තණතීරුවෙන් රවින්ද්‍ර ජඩේජා වැඩි ප්‍රයෝජනයක් ගන්නා අතර ඔහු ඔස්ට්‍රේලියානු පිත්කරුවන් තිදෙනෙක් ලකුණු 58 ට දවා ගන්නවා.නමුත් එක් දග පන්දු යවන්නෙක් පමණක් කැටුව තරගයට පැමිණි දඟ පන්දු යවන්නන් හිඟ නැති ඉන්දියාවට වෙනත් දඟ කැවෙන ආයුධයක් පාවිච්චියට ඉඩ අහිමි වෙනවා.මාරුනුස් ලබුස්චැන්ග්නෙ ලකුණු 41 සහ ස්ටිව් ස්මිත් 34 එක්ව ලකුණු 24 ට මුල් කඩුලු දෙකම අහිමි කරගන්නා ඕසට්‍රේලියාව ඔසවන්න උත්සාහයක් ගත්තද එය එතරම් සාර්ථක වන බවත් දැකින්නට ලැබුණේ නැහැ.ලකුණු 167 ට කඩුලු 6 ක් අහිමි කරගෙන සිටින ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඇලෙක්ස් කැරී කරගෙන ගිය හුදෙකලා සටනට මිචෙල් ස්ට්‍රැක් ගේ සහය හිමිවන්නේ මේ අවස්තාවේදී යි.කැරි නොදැවී ලකුණු 66 ක් ලබා ගෙන ඔස්ට්‍රේලියා ඉණිම කඩුලු 8 ක් දැවී ලකුණු 270 ක් තිබියදී නවතා දැමියදී කඩුල්ලේ රැදී සිටින අතර ලකුණු 40 ක් රැස් කරන ස්ට්‍රැක් 7 වන කඩුල්ලට කැරී සමඟ මිල කළ නොහැකි ලකුණු 110 ක සබදතාවයක් පවත්වනවා.


ඕවල් තණතීරුවේ පසුභාගයේ හැසිරීම දඟ පන්දු යැවීමට උචිත ආකාරයට සැකසුනත් ජඩේජා පමණක් රැගෙන තරගයට ආ ඉන්දියාවට එය අඩුවක් බව දැනෙන්නට ගන්නේ දෙවන ඉණිමේ ඕස්ට්‍රේලියාවේ නේදන් ලයන් ලකුණු 41 ට කඩුලු 4 ක් දවා ගනිමින් ඉන්දීය දෙවන ඉණිම ලකුණු 234 ට සීමා කරන්නට ප්‍රමුඛතම කාර්ය භාරය ඉටු කරන විටයි.නායක රෝහිත් ෂර්මා (43),විරාට් කෝලි (49) ලෙස පිත්තෙන් ඉන්දීය ඉණිමට දායකත්වය දක්වන විට රහ්නේ නැවත වරක් ලකුණු 46 ක් එකතු කරමින් ඉන්දීය කණ්ඩායමේ ස්ථාවර භාවයක් නැති තමන්ගේ තැන ගැන බලධාරීන්ට නැවත හිතන්නට ඉඩ සකසා දෙනවා.


කඩුලු රකින පිතිකරුවන් අතර තරගයක් තිබෙන ඉන්දීය කණ්ඩායමේ මෑතක සිට ටෙස්ට් තරගවල කඩුලු රැකීමේ වගකීම පවරා තිබෙන ශ්‍රීකාර් භාරට් තමන්ගේ ස්ථානයට සාධාරණය ඉටු කරන්නට මේ තරගයේදිත් අසමත් වෙනවා.පළමු පෙළ තරගවලදී ත්‍රිත්ව ශතකයක් පවා ලබා සිටින භාරට් ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ඔහුට ලැබුණ ස්ථානයට මේ දක්වා සාධාරණය ඉෂ්ඨ කරන්නට අසමත්ව සිටිනවා.


ලෝක ටෙස්ට් සූරතාවය සම්බන්ධයෙන් තීරණය වූ අවසාන තරගයේ ලකුණු සටහනට පහත සැබැදියෙන් පිවිසිය හැකියි.
https://www.espncricinfo.com/series/icc-world-test-championship-2021-2023-1268315/australia-vs-india-final-1358412/full-scorecard

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan