කොළඹ අවට පානීය ජලය ඇත්තටම අපවිත්‍රද?

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12 , කොළඹ (LNW):

මේ වන විට කට කතාවක් ලෙස පැතිර යන, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් බෙදා හරින ජලය පානය කිරීමෙන් කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට පාචනය හා වමනය යන රෝග තත්ත්වයන් වැලඳී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මණ්ඩලය පවසයි.

ජනතාවට පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්‍රමවේදයෙන් යටතේ සිදුකරන පිරිපහදු ක්‍රියාවලියකින් අනතුරුව බව එහි සහකාර සාමාන්‍යාධිකාරී ඒ.පී.ආර්.ජේ. විජේසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

“ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් සපයනු ලබන ජලය පවිත්‍රකරණයෙන් පසුව, නිරන්තරයෙන් රසායනාගාර පරීක්ෂණයකට භාජනය කරනවා. ඒ අනුව සිදුකරන පරීක්ෂණ අනුව ක්ෂ්ද්‍රජීව විද්‍යාත්මක පරීක්ෂණ ඒ වගේම රසායනික සියල්ල සිදුකරනවා. එම ජලය ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලයි. ඒ අනුව ඔය කියන කිසිදු රෝගකාරක ක්ෂුද්‍ර ජීවින් අන්තර්ගත නොවන පිරිසිදු ජලය තමා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සපයන්නේ. ගංවතුර එක්ක මොන ජලය ආවත් අපි අදාළ පිරිසිදු කිරීම් කරලා ප්‍රමිතියෙන් යුතු පානීය ජලය තමා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සපයන්නේ. ඒ නිසා කිසිදු බියක් ඇති කරගත යුතු නෑ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...