චෝදනා 3කට බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් වැරදිකරු වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න්ට එරෙහිව පැවැත්වුණු නඩු විභාගයේදී ඔහුට එල්ල වී ඇති චෝදනා තුනටම වැරදිකරු වන බව ජුරිය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2018 වසරේදී ගිනි අවියක් මිලදී ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදීමට හන්ටර් බයිඩ්න් වැරදිකරු වූයේය.

නඩු විභාගයට ජුරි සභිකයින් 12 දෙනෙකු සහභාගී වූ අතර සියලු චෝදනාවලට හන්ටර් බයිඩ්න් වැරදිකරු වන බව ඔවුන් තීරණය කර තිබෙන අතර,ඔහුට ලබා දෙන දඬුවම සම්බන්ධයෙන් ඉදිරියේදී නිවේදනය කිරීමට නියමිත බව වාර්තා වේ.

විල්මින්ග්ටන් හි ඩෙලවෙයාර් අධිකරණයේදී සතියක කාලයක් පුරා නඩු විභාගය සිදු කෙරුණු අතර ජනාධිපති ජෝ බයිඩ්න් කිසිදු අවස්ථාවක ඊට සහභාගී වූයේ නැති බව පැවසේ. එහෙත් ජනාධිපති ආර්යාව හා හන්ටර් බයිඩ්න්ගේ පවුලේ සාමාජිකයන් ඊට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය  සඳහන් කරයි.

ජුරිය තම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා හන්ටර් බයිඩ්න්ව හමුවී ඇති බවද සඳහන් වේ. අධිකරණ පද්ධතියේ ක්‍රියාවලියට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව , නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...

සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ...

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...