රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ජන්දෙට එනවා.අවශ්‍ය වෙලාවට හැම තුරුම්පුවක්ම අපි ගහනවා – සාගල

Date:

කොළඹ LNW:කවුරු කුමක් කීවත් නියමිත කාලයට පැවැත්විය යුතු මැතිවරණ පවත්වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නයක මහතා පැවසුවේය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන අතර ඔහුට එක්සත් ජාතික පක්ෂයේ සහය හිමි වන බවත් තවත් පාර්ශව ගණනාවක සහය ලබා ගැනීම සඳහා සාකච්ජා සිදුකරන බවත් බොහෝ දුරට එම සාකච්ජා සාර්ථක බවත් ඔහු සඳහන් කරන ලදී.

එජාපය ලෙස මැතිවරණයට සූදානම් වන නමුත් ප්‍රශ්නය වන්නේ වත්මන් ජනාධිපතිවරයා තවත් වාරයක් රටට සේවය කිරීම බව ද හෙතෙම කියාසිටියේය.

කළ යුතු වැඩ ගණනාවක් තව තිබෙන බවත් ආරම්භ කර තිබෙන වැඩ අවසන් කළ යුතු බවත් සාගල රත්නාක මහතා කියාසිටියේය.

මේ වන විට රටේ ස්ථාවරයක් පැවතියද යළි අතරමඟ නැවතුණහොත් යළි හිස එසවීම පහසු නැති බවයි ඔහු අවධාරණය කළේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීම සඳහා අවශ්‍ය වෙලාවට හැම තුරුම්පුවක්ම ගහන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

‘ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා යකඩ රාමුවක් වගේ ප්‍රතිපත්ති මාලාවක් රටට අවශ්‍යයි කියල. එතනට ගෙනියන රාමුව තමයි එතුමා මේ සකස් කරන්නේ. ආයෙත් ජන්දයකට බය වෙලා කෙටිකාලීන ජනතාවට හානි වෙන රටට හානි වෙන තීන්දු ගන්න කාලයක් නැහැ. දැන් අමාරු ටික ඇවිල්ල තියෙන්නේ. දැන් තියෙන්නේ ආර්ථික වර්ධනය. ජනතාවගේ අතට සල්ලි හොඳින් ගලා එන කාලය ඇතිකරන එක. ඒක අපි ලබා ගන්න ඕනේ. එතුමා කැමති වුණත් නැතත් අපි එතුමාට බලකරනවා එතුමාගේ කැමැත්ත අකමැත්ත අහල නැහැ. එතුමාව මැතිවරණයකට ගේන විදිහට වැඩ කටයුතු තමයි දැන් සූදානම් වෙන්නේ.” යනුවෙන් සාගල රත්නායක මහතා පවසන ලදී.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ අද (12) පෙරවරුවේ කොළොන්නාවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතාද එක්ව සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...