මන්ත්‍රී චන්ද්‍රසේන කියන පොහොට්ටුවේ සම්භාවනීය අපේක්ෂකයා කවුද?

කොළඹ LNW:දැන්මම ජනාධිපති අපේක්ෂකයා නම් කර බලුපොරයට යැවීමට සූදානම් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය.

ඒ, අද (12) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසි වෙලාවේදී වැදගත් සම්භාවනීය ආකාරයට අපේක්ෂකයා ඉදිරිපත් කර මැතිවරණය ජයග්‍රහණය කරන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

‘‘සජිත් ප්‍රේමදස හා අනුර කුමාර දිසානායක කාලයක ඉදන් දැන් මැතිවරණ ව්‍යාපාරය කරගෙන යනවා. සජිත් ප්‍රේමදස මහත්තයා ඉස්කෝලවලට ගිහින් සක්වල වැඩසටහනක් කරනවා ළමයින්ට පන්ති තියනවා වගේ. අනුර කුමාර දිසානායක මහත්තයා අත්දෙක වන වන විශ්‍රාමික අයගේ සංවිධාන හදනවා.මං දැක්කා පහුගියදා පොලීසියේ විශ්‍රාමිකයෝ ගෙනල්ලා තිබ්බා. විශ්‍රාමිකයෝ අසූපන්දහසක් විතර ඉන්න එකෙන් ගෙනල්ලා තියෙන්නේ එක්දහස් ගාණක්. 3%යි කොහොම හරි ගෙනල්ලා තියෙන්නේ. ඒවා ඇත්තටම සංදර්ශන. දැන් බලන්න ඒ දෙන්නගේ විවාදය. මේක දැන් විනෝද සමය වගේ. මිනිස්සු දැන් විහිළු බල බල ඉන්නවා. හැබැයි සංවාද කෙරෙන්නේ නැහැ. ඒගොල්ලෝ බොරු ෂෝ දාලා දැඟලුවට අපි අපේක්ෂකයෝ දාලා බොරුවට දගලන්නේ නැහැ. අපි සංවිධානය වෙලා වෙලා අන්තිමට මැතිවරණ කොමිසම ජන්දය තීරණය කරයිනේ. එවිට අපි අපේක්ෂකයා කවුද කියල නම් කරනවා. කලින් නම් කරලා බොරුවට බලුපොරයට යවන්න ඕනේ නැහැ. අපේක්ෂකයා වැදගත් විදිහට සම්භාවනීය විදිහට වෙලාවට ඉදිරිපත් කරන්න අපි කටයුතු කරනවා. කල් යද්දී වැඩ කොහු වෙනවා කියනවනේ. ඒ නිසා අපි වෙලාවට ප්‍රේෂ් පිට අපේක්ෂකයෙක් දාලා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා. ඒක ස්ථිරයි.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමේ වගකීම විපක්ෂ නායක ගාඩි අයිසන්කොට්ට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඊශ්‍රායලයේ නව රජයක්...

මේ අයවැයෙන් PAYE බද්ද අයකිරීමේ සීමාව ඉහළ දමා සහනයක් දෙනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් උපයනවිට ගෙවීමේ බද්ද (PAYE...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 තද වැසි – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 08) දිනයේදී දිවයිනේ බොහෝ...

දරිද්‍රතා මට්ටමේ ඉහළ යාම : අපි කන හැටි ලිපා දනී ….

සාමාන්‍යයෙන් පවුලක ආදායම්, වියදම් හා පරිභෝජනය ගැන හරියටම දන්නේ...