IMF 3වැනි ණය වාරිකය නිදහස් කිරීමේ තීරණය අද මධ්‍යම රාත්‍රියේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12 , කොළඹ (LNW):

IMF වෙතින් ශ්‍රී ලංකාවට තුන්වැනි ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද දින රැස්වී තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ යටතේ අනුමත කිරීමට නියමිත ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 335කි. ඒ සම්බන්ධයෙන් අද කොළඹදී අදහස් දැක්වූ සහකාර මහබැංකු අධිපති බව ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා මෙසේ සඳහන් කළේය.

“රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුද එකක් සාකච්ඡා ආරම්භ කළා. 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් ඩොලර් බිලියන 3ක් අනුමත කළා. මේක අවුරුදු 04කින් මාස 48ක ණය පහසුකම් මාස 06න් 06ට අලුත්වෙන ණය පසුකමක්. සමාලෝචනය වෙනවා මාස 06න් 06ට ඒ වගේම මේ ණය පහසුකම ලබාදීලා තියෙන්නේ අයවැයට සහාය සඳහා. දැන් වෙනකොට ඩොලර්මිලිය 670ක් මේ ණය පහසුකමින් ලැබිලා තියෙනවා. අද මධ්‍යම රාත්‍රීය වෙනකොට අපි බලාපොරොත්තුවෙනවා මේ ණය පහසුකමේ 03වෙනි වාරිකය අපිට ලැබෙයි කියලා. මොකද අද මධ්‍යම රාත්‍රීයේ අමෙරිකාවේ වොෂිංටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලංකාවේ ණය පහසුකමේ දෙවැනි සමාලෝචනය අවසන් කරන්නේ. අපි හිතනවා සියලු රටවල්වල සහයෝගයෙන් ඒ සමාලෝචනය අවසන් කරන්න ලැබෙයි කියලා. ඒත් එක්ක තවත් ඩොලර් මිලියන 335ක පමණ අපිට ලැබෙන්න ඕනේ. ඒත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට දැනට මෙම ණය පහසුකම යටතේ ලබාදුන් මුදල ඩොලර් බිලියනටය වඩා මඳක් වැඩියි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...