නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW:
මේ ප්‍රයිඩ් මාසය සංක්රාන්ත්රික ලිංගික ප්‍රජාවට අතිශයින් වැදගත් මාසයකි.ඒ ඔවුන්ගේ අයිතීන් සහ වගකීම් ගැන වැඩි පුර කතා කිරීමට ලෝකය සූදානම්ව සිටින නිසාය.එහෙත් පිහිණුම් ක්‍රීඩිකා රිලී ගේන්ස්,සහ සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා සිමෝන් බයිල්ස් අතර ඇතිවූ සංවාදය සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවගේ ක්‍රීඩා අයීතීන් පිළිබඳව ලෝකයට යම් අයහපත් බලපෑමක් ඇති කරමින් ඇත.
හේන්ස් පිහිණුම් තරගයකදී සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වන ලියා තෝමස් සමඟ ගේන්ස් සමඟ තරග වැඳ පස්වන ස්ථානයට පත්විය.මේ ගැටුම ඒ පරාජයේ වේදනාව සමඟ මතු වූ එකක් බ සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා බයිල්ස්ගේ අදහසය.එහි යම් සාධාරණ බවක් නැත්තේ නැත.ඇයට ඉදිරියෙන් සිට ඇත්තේ සංක්රාන්ත්රික ලියා පමණක් නොවේය.එයින් අදහස් වන්නේ උපතින්ම කාන්තා ක්‍රීඩිකාවන් ගත් විටද ගේන්ස්ට වඩා දක්ෂයන් සිටින බවය.
හේන්ස්ගේ මේ හැසිරීම බයිල්ස් හඳුන්වන්නේ ලෙඩක් ලෙසය.
“ඔබ සැබවින්ම ලෙඩෙක්, මේ සියල්ල ප්‍රචාරය කරන්නේ ඔබ තරඟයක් පැරදුණු නිසා. කෙලින්ම දරුණු පරාජිතයෙක්,” බයිල්ස් සිය ටිවිටර් ගිණුමේ හේන්ස් ගැන එසේ ලියා තැබීය.
“ඔබ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව නඟා සිටුවීමට සහ සමහර විට ක්‍රීඩා ඇතුළත් කිරීමට ක්‍රමයක් සොයා ගැනීමට හෝ ක්‍රීඩා වලදී සංක්‍රාන්ති ලිංගිකයින්ට ආරක්ෂිත බවක් දැනෙන නව මාවතක් නිර්මාණය කිරීමට උත්සාහ කළ යුතුයි.“
බයිල්ස්ගේ මැදිහත්වීම් අන්තගාමී නැත.ඇය යෝජනා කරන්නේ එම ප්‍රජාව නොසළකා හැරිය නොහැකි බවය.ඔවුන්ට පවතින පිරිමි සහ කාන්තා නියෝජනයන් තුළ සිය අනන්‍යතාවයට අනුව ඉඩක් නොලැබී යන්නේනම් ඒ සඳහා ඔවුන්ගේ අනන්‍යතාවයට ගරු කරන වෙනම ඉඩක් හෝ නිර්මාණය විය යුතු බවය.කෙනෙකුගේ ක්‍රීඩා කිරිමේ හෝ වෙනත් කේෂ්ත්‍රයකට අයත් අයිතියක් අහෝසි කිරීම හෝ නොසළකා හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම යම්කිසි ගෝත්‍රික ස්වභාවයක්ය.
හේන්ස් හොඳින් පුහුණු වී තමන්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීම පසෙක ලා තරග වැදි ක්‍රීඩිකාවකගේ ලිංගයේ එල්ලීමෙන් කර ඇත්තේ විශාල අසාධාරණයකි.එයින් මේ වන විට එවැනිම අන්තගාමී අදහස් ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නන්ගේ ආශිර්වාදය ලබා ධවල මන්දිරයට පවා සම්බන්ධ වෙන්නට අවස්ථාව දිනා සිටින හේන්ස් දැන් යථාර්තය සෙවිම වෙනුවෙන් තමන්ට ලැබී ඇති සිවිල් වටිනාකම් අත හැර දමනු ඇතැයි සිතිය නොහැකිය.
කෙසේ වුවත් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත් විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙනස් ලිංගික අනන්‍යතාවයන් ඇති ප්‍රජාව වෙනුවෙන් විද්‍යාත්මකව සළකා බැලීමක් සහිතව අලුත් මානයන් හඳුන්වා දි ලෝකයට විවෘත කර තිබියදී ඇති වී තිබෙන තත්ත්වය යළිත් අයහපත් අතට වෙනස් වෙමින් ඇත.ඒ නිසා මේ ප්‍රයිඩ් මාසයේ වැඩි අවධානයක් එවැනි පුද්ගල අනන්‍යතාවයන් වෙනුවෙන් සටන් කරන සංවිධාන ලෝකය පුරා ඇති කිරීම සඳහා පියවර ගත යුතු ඇත.
