අප්‍රිකානු රටවල් 53 කට චීනයෙන් ශුන්‍ය තීරුබදු!

Date:

කොළඹ LNW:චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියෑන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(11) බෙයිජිංහිදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන් ඔහු චීන-අප්‍රිකා සහයෝගීතා සංසද ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම පිළිබඳ අමාත්‍ය මට්ටමේ සම්බන්ධීකාරක සමුළුවේ තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කර තිබෙනවා.

ඊයේ(11) චීනයේ හුනාන් පළාතේ පැවති එම රැස්වීමට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් ලිපියක් යවමින්, චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති අප්‍රිකානු රටවල් 53 ක නිෂ්පාදිත අයිතම්වලින් 100% ක් සඳහා ශුන්‍ය තීරුබදු පියවර ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළා.

එය අප්‍රිකාවේ ඌන සංවර්ධිත රටවලින් චීනයට අපනයන සිදු කිරීමට වඩාත් පහසුවක් ගෙන දෙනවා. එමෙන්ම චීනයට සහ අප්‍රිකාවට ඒකාබද්ධ නවීකරණය ප්‍රවර්ධනය කිරීමට සහ නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්ව-කාලීන චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීමට එය වැදගත් මග පෙන්වීමක් සපයන බවයි ලින් ජියෑන් මහතා එහිදී පැවසුවේ.

චීනය සැමවිටම අප්‍රිකානු රටවල් සමඟ සමගිය හා සහයෝගීතාවය ශක්තිමත් කිරීම සිය විදේශ ප්‍රතිපත්තියේ වැදගත් පදනමක් ලෙස සලකා තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...