එයාර් ඉන්දියා ගුවන් යානයේ ඛේදවාචකය; මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර ඉන්දියාවේ අහමදාබාද්හිදී ලන්ඩන් ගැට්වික් බලා පියාසර කරමින් සිටියදී අනතුරට ලක් AI171 එයාර් ඉන්දියා මගී ගුවන් යානයේ මියගිය සංඛ්‍යාව 204 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

මෙම ගුවන් යානය ඉන්දියාවේ අහමදාබාද් සිට ගුවන් ගත වී ටික වේලාවකින් කඩා වැටීමට ලක්ව ඇති අතර ගුවන් යානයේ ඉන්දියානු ජාතිකයන් 169 දෙනෙකු සිටි අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, කැනේඩියානු ජාතිකයෙකු සහ පෘතුගීසි ජාතිකයන් හත් දෙනෙකු සමඟ අවම වශයෙන් පුද්ගලයින් 242 දෙනෙකු සිටි බව කියවේ.

කෙසේ නමුත් Flightradar24 ලුහුබැඳීමේ වෙබ් අඩවිය පවසන්නේ ගුවන් ගත වී තත්පර කිහිපයකට පසු අඩි 625 (මීටර් 190) හිදී ගුවන් යානයෙන් අවසන් සංඥාව ලැබී ඇති අතර ගලවා ගැනීමේ සේවකයින් තවමත් ගින්න නිවා දැමීමට උත්සාහ කරමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩ තහනම් කරන්නැයි නියෝගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව...

මහින්දගේ ආරක්ෂක නෙවිල් ඇප මත නිදහස්!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි...

කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක්!

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය...