නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW:
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන ඒ කොටසේ ක්‍රීඩා සමාජ අතර පන්දු ඕවර් 20 තරගාවලියේ අර්ධ අවසාන පූර්වවලදී සීසීසී,එන්සීසී,පානදුර සහ මුවර්ස් කණ්ඩායම් ජය ගන්නට සමත් වුණා.ජූනි 11 දා පැවති තරග දෙකටම අයහපත් කාලගුණයෙන් යම් යම් බාධා ඇති වූ අතර එම නිසා එම තරග දෙකේම විසදීම ලැබුණේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවය.එම තත්ත්වය යටතේ එන්සීසී කණ්ඩායම, ද්‍රවිඩ ක්‍රීඩා සමාජය පරාජය කරමින් ද,සීසීසී ක්‍රීඩා සමාජය විසින් බීආර්සී ක්‍රීඩා සමාජය පරාජය කරමින් ද අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබන්නට සමත් විය.
ජූනි 12 දා පැවති තරගවලදී මේ තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම ලෙස හැඳින්විය හැකි පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායම සිය තරුණ ක්‍රීඩක සංයුතියේ හැකියාවන් මනාව කළමණාකරනය කර ගනිමින් අවසාන පූර්ව වටයට ඒම කැපී පෙණෙන සිඳුවීමක්ය.විශාල නම් වෙනුවට ඔවුන් කණ්ඩායමක් හැටියට අභියෝගයට මුහුණ දෙමින් දිය හැකි උපරිමය අදාළ මොහොතට අනුව කණ්ඩායමට ලබා දෙමින් අවසාන පූර්ව වටය දක්වා පැමිණි ආකාරය අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි.
අර්ධ අවසන් පූර්ව තරග වටයේ දී සිය ප්‍රතිවාදීන් වූ කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දී ලකුණු 133 ක් ලැබූ පානදුර කණ්ඩායම එම ලකනු ගණන කළඹණාකරනය කර ගනිමින් ප්‍රබල කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 99 ට දවාලන්නට සමත් විය.බ්ලූම්ෆිල්ඩ් කණ්ඩායමට පරාජය අත් කර දුන්නේ මුවර්ස් කණ්ඩායමය.ඔවුන් පළමුව පන්දුවට පහර ලකුණු 156 ක් රැස් කරන්නට සමත් විය.බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු අතරට නො‘පැමිණීම මේ තරගාවලිය තුළම දකින්නට ලැබුණු අවුලක් වුව ද,මේ තරගයේදී ඔවුන්ට සිව්දින තරගාවලිය දිනා දීමට පිත්තෙන් ඉහළම දායකත්වය දුන් රොන් චන්ද්‍රගුප්ත ලකුණු 74 ක් ලබමින් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ අභිමානය රැක ගන්නට උත්සාහ ගත්තද සියල්ල දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 115 ක් පමණි.
