රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු දීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට

Date:

රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේදී නිවාඩු ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මේ වනවිට රටේ පවතින ඉන්ධන අර්බුදය ඇතුළු හේතූන් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍යවරයා පසුගිය කොවිඩ් සමයේදී රාජ්‍ය සේවකයින් නිවසේ සිට වැඩකිරීම සම්බන්ධයෙන් පුහුණුවක් ලැබූ බවත් සිහිපත් කළේය.

එමෙන්ම මෙසේ සිකුරාදා සේවයට පැමිණීම සම්බන්ධයෙන් ලබාදෙන සහනය උපයෝගී කරගෙන තමන් වාසය කරන ප්‍රදේශවල කෘෂිකර්මාන්තයේ නියැළීමට කැමති අය සඳහා සෘජුවම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහයෝගය සහ විවිධ සහන ලබාදෙන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...