*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/12

  1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන ජූලි 20 – 30 අතර දිනයක් තුළ ඉන්දියාවේ නිල සංචාරයක යෙදීමට නියමිත ය: මෙය ඔහු ජනාධිපති වීමෙන් අනතුරුව ඉන්දියාවේ නිල සංචාරයක් සිදු කිරීමට නියමිත පළමු අවස්ථාවයි: මෙම සංචාරය තුළ ජූලි 21 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට ද නියමිත බව සඳහන්.
  2. ඉකුත් වර්ෂයේ අවසානයට සාපේක්ෂව, 2023 පළමු මාස තුන තුළ රජයේ ණය ඇ.ඩො. බිලියන 6.9 කින් ඉහළ ගොස් ඇති බව භාණ්ඩාගාර වාර්තාවකින් අනාවරණය වෙයි: මීට හේතුව පෙර නොවූ විරූ පරිදි රජය විසින් දේශීය ණය ලබා ගෙන තිබීමයි: සමස්ත ණය ඇ.ඩො. බිලියන 84.7 සිට ඇ.ඩො. බිලියන 91.6 දක්වා ඉහළ ගොස් ඇත.
  3. රට තුළ පවතින වත්මන් ආර්ථික ස්ථාවරත්වය භාණ්ඩ ආනයනය කිරීම කෙරෙහි පැනවූ සීමාවන් සහ විදේශ ණය ගෙවීම අත්හිටුවීම මත හටගත් තාවකාලික තත්ත්වයක් බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පා.ම. තිස්ස අත්තනායක පවසයි: විදේශ ණය ගෙවීම යළි ආරම්භ කළ විට සහ ආනයන සීමාවන් ලිහිල් කළ විට රුපියල යළි අවප්‍රමාණය වීමට ඉඩ ඇති බවට අනතුරු අඟවයි.
  4. චීනය සහ ඉන්දියාව සමඟ පැවති කාබනික පොහොරවලට අදාළ ගනුදෙනු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් වෙනවෙනම විමර්ශන දියත් කර ඇති බව වාර්තා වේ: මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් උක්ත රටවල විදේශ අමාත්‍යංශ සමඟ සාකච්ඡා කරමින් රටවල් අතර දිගුකාලීනව පැවති මිත්‍රත්වයට හානියක් නොවන පරිදි එම ගැටළුව සමනය කර ගැනීමට උත්සාහ කරන බවට වාර්තා පළවෙයි.
  5. පලාලි ගුවන් තොටුපොළේ ගමන් පථය දිගු කිරීම සඳහා මෘදු ණයක් (soft loan) ලබා දෙන මෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් කළ ඉල්ලීම පිළිබඳ සලකා බලමින් සිටින බව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පවසයි.
  6. විදුලිසංදේශ සේවාවන් හා බැඳි ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු ආමන්ත්‍රණය කිරීම සඳහා හොඳම ක්‍රමය වන්නේ ශක්තිමත් නියාමනය බව, රජය සතු ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම වෙනුවෙන් දැඩිව පෙනී සිටි පුද්ගලයකු වන සමඟි ජන බලවේගයේ පා.ම. හර්ෂ ද සිල්වා පවසයි: හිමිකාරීත්වය පිළිබඳ ගැටළු වැදගත් නොවන බව පවසයි: ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් විකිණීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාව තුළින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන බවට පළකර ඇති මතයට පදනමක් නොමැති බව ද පවසයි.
  7. අරුණි ගුණතිලක හැටන් නැෂනල් බැංකුවේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වූ බව එම බැංකුව නිවේදනය කරයි: නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන පත්වෙයි.
  8. ස්විට්සර්ලන්තයේ මලල ක්‍රීඩා තරඟයකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා ලැබුණු ආරාධනයක් මත ස්විට්සර්ලන්තයට ගිය ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩා ශූරයකු වන ග්‍රේෂන් ධනංජය අතුරුදන්ව ඇති බව වාර්තා වේ: ධනංජය යනු ශ්‍රී ලංකාවේ තුන් පිම්ම (පිරිමි) ජාතික වාර්තාලාභියා ය.
  9. ශ්‍රී ලංකා රුපියලේ සිදුවූ අධිප්‍රමාණය සැලකිල්ලට ගෙන ජංගම දුරකතනවල වත්මන් මිල 20% කින් අඩු කිරීම ශ්‍රී ලංකා දුරකතන වෙළෙන්දන්ගේ සංගමය (SL Telephone Dealers’ Association) තීරණය කරයි: ගතවූ මාස කිහිපය තුළ නව ජංගම දුරකතන සඳහා පැවති ඉල්ලුම 40% කින් පහත ගොස් ඇති බව දත්ත පෙන්නුම් කරයි.
  10. මැයි 16 දින ඉන්දියන් සාගරයේ මධ්‍යම ප්‍රදේශයේදී පෙරළුණු ධීවර යාත්‍රාවක් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැරි උත්සාහය අගය කිරීම සඳහා කොළඹ චීන තානාපති කාර්යාලය පිළිගැනීමේ උත්සවයක් පවත්වයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan