සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): පොහොර මෙට්‍රික් ටොන් 22,500ක යූරියා පොහොර රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිනයේ ඕමානයේ සිට මෙරටට පැමිණි අතර , ඒ මඟින් ආනයන කරන ලද යුරියා පොහොර තොගය බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ .
ඒ අනුව , අද දිනයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහරින බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ අනුව යූරියා පොහොර මිටියක් රුපියල් 5,000ට වඩා අඩුවෙන් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා සඳහන් කළ අතර , මේ දිනවල පුද්ගලික අංශය මගින් යූරියා පොහොර මිටියක මිල ඉහළ දමා තිබුණද රජයක් ලෙස එහි මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ගැටලුවකින් තොරව ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් , පසුගිය කාලයේ ඉතා ඉහළ මිල ගණන් යටතේ පොහොර මිටියක් අලෙවි කෙරුණු අතර රජය විසින් මේ වන විට සහනදායී මිලක් යටතේ පොහොර ලබා දීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??