දිල්නිගෙන් යළිත් වාර්තාගත පිම්මක් – හොරණ තක්ෂිලාවේ මිටියෙන් වාර්තා දෙකක්

0
489

නිශ්මං රණසිංහ ජුනි 13, කොළඹ LNW:

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඇරඹි කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනයේදි නව වාර්තා හයක් බිහි වුණා.ඒ අතර මේ වන විටත් ශ්‍රී ලංකාවේ අනාගත මලල ක්‍රීඩා බලාපොරොත්තුවක් හැටියට හඳුනාගෙන සිටින වත්තල ලයිසියම් විද්‍යාලයේ දිල්නි නෙත්සලා රාජපක්ෂ මීටර් 5.96 ක දක්ෂතාවයක් දක්වමින් අවුරුදු 16 න් පහළ දුර පැනිමේ බාලිකා ඉසව්වේ වාර්තාව හිමි කර ගන්නට සමත් වුණා.
හොරණ තක්ෂිලා විද්‍යාලයේ එස්.එම්.කරුණාරත්න සහ සැලෝමි ජයකොඩි යන දෙදෙනාම මිටිය වීසි කිරීමේ ඉව්වෙන් නව වාර්තා පිහිටුවීමත් පළමු දිනයේදී කැපී පෙණුනා. එස් එම් කරුණාරත්න අවුරුදු 16 න් පහළ පිරිමි මිටිය විසි කිරීම, මීටර් 40.68 ක දක්ෂතාවයක් දක්වමින් ද, එන් ශාලෝමි ජයකොඩි අවුරුදු 18 න් පහළ බාලිකා මිටිය විසි කිරීම, මීටර් 40.81 ක දකෂතාවයක් දක්වමින් ද නව වාර්තා පිහිටුවන්නට සමත් වුණා.


පළමු දිනයේ දී වාර්තා වූ නව වාර්තා හයම පහත දැක්වෙන අතර ෂාලෝමි,දිල්නි සහ එස්.එම්තකරුණාරත්න යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඡායාරූපයේ දැක්වෙනවා.


එස් එච් ඔකාෂ් වෙනුදය ද සිල්වා – ගාල්ල මහින්ද විද්‍යාලය – අවුරුදු 16 න් පහළ පිරිමි – මීටර් 100 කඩුලු පැනීම (මූලික තරග) – තත්පර 13.52
එස් එම් කරුණාරත්න – තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය – අවුරුදු 16 න් පහළ පිරිමි – මිටිය විසි කිරීම – මීටර් 40.68
ඩී කේ මිහින්සා දෙව්මිණි අබේරත්න – ජනාධිපති විද්‍යාලය, රත්නපුර – අවුරුදු 18 න් පහළ බාලිකා – උස පැනීම – මීටර් 1.74
එන් ශාලෝමි ජයකොඩි – තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය – අවුරුදු 18 න් පහළ බාලිකා – මිටිය විසි කිරීම – මීටර් 40.81
දිලිනි රාජපක්ෂ – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – අවුරුදු 16 න් පහළ බාලිකා – දුර පැනීම – මීටර් 5.96
දිල්කි දෙව්මිණි කරුණාරත්න – කොළඹ විශාඛා විද්‍යාලය – අවුරුදු 16 න් පහළ බාලිකා – යගුලිය දැමීම – මීටර් 12.68