ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට ජනාධිපති ලේකම්ගෙන් උපදෙස්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW :

ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී, මෙරට පැවැත්වීමට නියමිත එම සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ සහභාගීත්වයෙන්, බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ලබන 27 වන දා සිට ජූලි මස 05 වනදා දක්වා බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය පැවැත් වීමට නියමිතයි.

මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිතව ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...