කොළඹ බලය අල්ලන්න සජබෙට සහය දෙන්න බැහැ – එජාප මන්ත්‍රීවරයෙක්ගෙන් මහලේකම්ට ලිපියක්!

Date:

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ බලය සම්බන්ධ කතිකාව තවදුරටත් එලෙසම පවතින අතර මැතිවරණයෙන් බහුතර අසන ගණනක් ජාතික ජන බලවේගයට හිමිවුවද නගර සභාව පිහිටුවීම සඳහා 505 ඉක්මවූ බලයක් හිමි නොවීම මත එහි බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයද දැඩි උත්සාහයක නිරතව සිටියි.

විපක්ෂ කණ්ඩායම් අතරින් වැඩි අසන ගණනක් හිමිව තිබෙන සමඟි ජන බලවේගය විපක්ෂයේ සෙසු කණ්ඩායම් සමඟ එක්ව කොළඹ මහා නගර සභාව පිහිටුවීම වෙනුවෙන පසුගිය දිනවලදී සාකච්ජා පවත්වමිනි තිබුණි.

කෙසේවෙතත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත්ව සිටින රම්සි ටෝනි එජාප මහ ලේකම්වරිය වෙත ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ සමඟි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක රීසා සාරුක් පත් කිරීමට අදාළව තම හිතට එකඟව සහය දීමට හැකියාවක් නොමැති බවයි.

රීසා සරූක් සමබන්ධයෙන් මහජනතාව හමුවේ පවතින ප්‍රතිරූපය පිළිබඳව තමා සම්පූර්ණයෙන්ම දන්නා හෙයින් එවැනි පුද්ගලයෙක් කොළඹ මහ නගර සභාව වැනි ආයතනයක නගරාධිපති ධුරය දැරීමට පත් කර ගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීමට තමාගේ හෘද සාක්ෂියට එකඟව හැකියාවක් නොමැති බවයි රම්සි ටෝනි පවසා ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය සාකච්ඡා පවත්වා වඩාත් පිළිගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර රියා සාරුක් යන අයව නගරාධිපතිවරයා ලෙස පත් කිරීමට නම යෝජනා වුවහොත් රියා සාරුක්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ එම ඡන්ද විමසීමේදී ඡන්දය ලබා දීමෙන් වැළකී සිටින්නට සිදු වන බව ඔහු තවදුරටත් දන්වා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...