දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් හරහා ගෙන්වන ලද භාණ්ඩ තොගයක් නිසා ඖෂධ සංස්ථාවට අලාභයක් සිදු කිරීම පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව පැවසේ.
පසුගිය 2020 වසරේ මාර්තු/අප්‍රේල් කාලයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් Indent No. DHS/DQ/11/324/DC/2020 යටතේ PPE KIT තොගයක් ටෙන්ඩරයක් හරහා රුපියල් මිලියන 29.6ක මුදලක් වියදම් කර ගෙන්වා ඇත. එහෙත් ගෙන්වන ලද PPE KIT තොගය එම ටෙන්ඩරය මගින් ඉල්ලුම් කළ ටෙන්ඩරයේ පිරිවිතරයන් හා නොගැලපීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය මගින් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.
දෙවනුව PPE KIT තොගයට සරිලන පරිදි Safety Goggles තොගයක් ගෙන්වනවා යැයි සඳහන් කරමින් අදාල දූෂිත නිලධාරියාගේ දරුවාගේ පිහිනුම් ගුරුවරයා මගින් පිහිනීම සඳහා භාවිතා වන Swimming Goggles තොගයක් ගෙන්වා ඇති අතර එම Goggles ශල්‍යාගාර සඳහා භාවිතා කරන Safety Goggles නොවන නිසා එම ඇණවුමද භාර ගැනීම වෛද්‍ය සැපයීම් අංශය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ..
සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවන්හිදී සිදු කරන ක්‍රමවේදය නම්, ටෙන්ඩරය මගින් ඇණවුම් කළ භාණ්ඩවලට වෙනත් භාණ්ඩ එවා ඇත්නම් එය ප්‍රතික්ෂේප කර සැපයුම් කරු වෙතින් අදාල මුදල ලබා ගැනීමට Debit Note එකක් යොමු කිරීමයි. නමුත් එය හුදෙක් දූෂිත ගනුදෙනුවක් නිසා මෙතෙක් එම මුදල ආයතනයට අය කර ගෙන නොමැති බව පැවසේ.
මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති අතර එහි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
