වෛද්‍ය සාෆිගේ හිඟ වැටුප් ගෙවයි. ඔහු එය ඖෂධ මිලදී ගැනීමට පරිත්‍යාග කරයි !

Date:

සිංහල බෞද්ධ කාන්තාවන් 4000ක් වඳභාවයට පත්කරන ලදැයි අසත්‍ය චෝදනා එල්ල කරමින් අනිවාර්යය නිවාඩු යවන ලද කුරුණෑගල රෝහලේ හිටපු ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි මහතාගේ හිඟ වැටුප් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවා තිබේ.

තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව ඒ මහතා අභියාචනාධිකරණය හමුවට ගොස් තිබුණු අතර එහිදී අභියාචනාධිකරණය නියම කර තිබුණේ ඒ මහතාගේ හිඟවැටුප් ජුලි 10 වනදාට පෙර ගෙවා දමන ලෙසයි.

ඒ අනුව ඒ මහතාට හිමි හිඟවැටුප් හා දීමනා ලෙස රුපියල් 2,675,816.48ක මුදලක් ඒ මහතා වෙත ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර වෛද්‍ය සාෆි මහතා තීරණය කර ඇත්තේ එම මුදල රෝහල්වල හිඟව ඇති අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කිරීමට ය.

දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ඉතාමත්ම නින්දිත ලෙස ජාතිවාදය අවුස්සමින් ගෙනගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීච ප්‍රචාරණ ව්‍යාපෘතියක එක් කොටසක් මෙසේ අවසාන වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...