*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම එක්සත් අරාබිය අභිබවා යයි

ආසියානු කාන්තා මතු බලාපොරොත්තු කණ්ඩායම් අතර පැවත්වෙන තරගාවලියට සශභාගි වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 3 ක තියුණු ජයක් අත් කර ගැනීමට සමත් විය.එක්සත් අරාබි කණ්ඩායමේ ප්‍රබලතම පිතිකාරිණියන් දෙදෙනා හැටියට ගැනෙන ඊෂා ඕෂා සහ කවීශා එගොඩගේ යන ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් ඊයේ ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති කවීශා ට සාර්ථක වන්නට හැකි වූයේ නැත.නමුත් දෙවන කඩුල්ලට ඊෂා සහ එගොඩගේ එක්ව ලකුණු 40 ක සබදතාවයක් ගොඩ නැඟූ අතර ලකුණු 63 දී ඊෂා මෙන්ම නායිකා චායා මුගල් ද දැවී ගිය පසු කවීශා එගොඩගේ ද ලකුණු පූවරුව 67 ක් ව තිබියදී ලකුණු 9 ට දැවී ගියාය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මධුශිකා මෙත්තානන්ද ලකුණු 16 ට කඩුලු 4 ක් දවා ගනිමින් පන්දු යවන්නියන් අතර පෙරමුණ ගත්තාය.පන්දු ඕවර් 19.3 ක් තුළ එක්සත් එමීර් රාජ්‍යය ලකුණු 95 ට දැවී ගියේය.ඒ ස දහා මධුශිකාට අමතරව පන්දුවෙන් දායක වූ මල්ෂා ෂෙහානි ලකුණු 13 ට කඩුලු 2 ක් ද,නිමේෂා මධුශානි ලකුණු 17 ට කඩුලු 2 ක් දවා ගනිමින් එකස්ත් අරාබි කණ්ඩායමේ ලකුණු පූවරුව පළල් වීම නැවතීමට දායකත්වය දුන්හ.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්මි ගුණරත්න සහ උමේෂා තිමීශනී අතරින් උමේෂා හයේ පහරක්ද සමඟ වේගවත් ආරම්භයක් දරන්නට උත්සාහ ගත්තද චායා මුගල් ඒ උත්සාහය ව්‍යර්ථ කළාය.චායා ඇයගේ පන්දුවක් ඉදිරියේම උමේෂාගෙන් ඇය අතටම උඩ පන්දුවක් ලබා ගන්නට සමත් වූවාය.ඉවසිලිවන්ත ඉණිමක් වේගයට බාධාවක් නොවන සේ ගොඩ නැඟු පළපුරුදු විශ්මි ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිණිය වූවාය.ඇය ලකුණු 21 ක් එක් කළාය.

විශ්මි සමඟ මුල් පෙළට සවියක් වූ කව්ශිනි නෘත්‍යාංගනා (14) සහ ඉමේෂා දුලානි (15) ද නිසා මුල් පෙළෙන් තරගය ජය ගන්නට අවශ්‍යය ලකුණු මට්ටමට පිවිසෙන්නට හොඳ සහයක් ලැබිණ.එහෙත් අතර මැදදි වේගයට වැටුණ තිරිංගත් අනවශ්‍ය කලබලයත් නිසා පන්දු ඕවර් 20 නිමාවන අවසන් පන්දුව තෙක්ම කඩුලු 7 ක් ද අහිමි කරගෙන ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙසුණහ.
අවසාන මොහොතේ ශ්‍රී ලංකාවේ කඩුලු දෙකක්ම දුවද්දී දැවීමෙන් අහිමි කර ගැනීමට කළබලකාරී වූ අතර පන්දුවෙන් දස්කම් දැක් වූ මධුශිකා මෙත්තානන්දටම කඩුල්ල ද රැකගෙන නොදැවී ලකුණු 11 ක් ලබමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැඟෙන යාමට සිදු විය.

අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම ආසියානු තරගාවලියේදී ශ්‍රි ලංකාව වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද සාර්ථක වූ දෙව්මි විහංගා ජාතික කණ්ඩායම ලෝක කුසලානයට යන විට ඇතුළත් නොවුණේ ඇයි ද යන්න පැනයක් පැන නැඟිණ.ඒ අවස්ථාවේ ඊට හේතුව වශයෙන් දැක වූ කරුණ වූයේ කණ්ඩායම ඇය දක්ෂතා දැක්වීමට පෙර නම් කර තිබූ බවය.මෙම සංචාරයේදී ඇය කණ්ඩායම් සංචිතයට එක් කර සිටියත් ඊයේ තරගයට යොදා නොගැණින. ඇයට මේ සංචාරය විවේක සංචාරයක් කර ක්‍රිකට් දිවිය ගැන කළකිරීමක් ඇති කර ක්‍රීඩාවෙන් ඈත් කරන තත්ත්වයක් ඇති කිරීම කාන්තා ක්‍රිකට් බලධාරීත්වයේ අරමුණද යන්න අපි ප්‍රශ්න කර සිටින්නෙමු.

එසේම මේ සංචිතයට මනුදි නානායක්කාර ද ඇතුළත් විය යුතුව තිබූ බව ද අපි විශ්වාස කරන්නෙමු.හෙට ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය හමුවීමට නියමිතව ඇත.අපි නායිකා සත්‍යා සංදීපනී ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වීමට අවස්ථාව හිමිවේවා යැයි පතමු.


පහත සබදතාවයෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් කණ්ඩායම අතර තරගයේ ලකුණු පූවරුවට පිවිසිය හැකිය. https://asiancricket.org/match-centre/?cId=112&mId=1048

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan