සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට පවතින බාධාවන් සහ අවස්ථාව හඳුනා ගනිමින් ගත යුතු පියවර සම්බන්ධයෙන් නිර්දේශ කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සිය වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව, කැබිනට් තීරණයන්හි දැක්වෙන්නේ අනු කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ 25 ක් සහිත වාර්තාව සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇති බවයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??