සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා ලැබී තිබූ ඉල්ලුම්පත්‍රවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම් මේ වනවිට 95%කින් සම්පුර්ණ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, ප්‍රතිලාභීන්ගෙන් 95%ක් පමණ තොරතුරු තහවුරු කරගැනීමට ද එම වගකීම් පවරන ලද කමිටුව විසින් සිදුකර ඇති බවත් , අදාළ ගෙවීම් ලබන මාසයේ සිට සිදු කරන බවත්ය .
එසේම කිසියම් අයෙකුට එහි සඳහන් තොරතුරු සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට අවශ්‍යනම් ඒ සඳහා ඉදිරියේදී දින ලබා දෙන බව ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයෙන් දන්වා සිටී.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??