අතීතය අමතක කර නව ගමනක් යමු. උතුරු නැගෙනහිරට සංවර්ධනයේ අරුණළු උදා කරගමු – සජිත්ගෙන් උතුරේ ජනතාවට පොරොන්දුවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අප සියලු දෙනාම අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතු බවත් අතීතයේ මිහිරි හා අමිහිරි දේවල් ඇති බවත් ඒ දේවල් දෙකෙන්ම ජාති ආගම් කුල ගෝත්‍ර තරාතිරම් පක්ෂ භේදයෙන් ඉවත් කර එක රටක එක ජනතාවක් ලෙස එක්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේ ම අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන මිහිරි වුවත් අමිහිරි වුවත් අතීතයේ ජීවත් නොවී නව ගමනක් යාමට එක්වන ලෙසත් සෙසු දේශපාලනඥයන් විශ්වාස නොකළත් විපක්ෂයේ සිට රටට වැඩක් කළ තමාව විශ්වාස කරන ලෙසත් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා මෙතෙක් කල් කුඩම්මාගේ සැලකිල්ල ලැබුණු උතුරු නැගෙනහිර පළාත් ද්විත්වයටම සංවර්ධනයේ අරුණළු උදා කිරීමට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුතා වන තමා පොරොන්දු වන බවත් ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 230 වැනි අදියර යටතේ යාපනය කන්කසන්තුරේ අලවෙඩ්ඩි අරුණෝදය විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට පසුගියදා (10) එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

සමගි ජන බලවේග රජයක් තුළ යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන ඉතිහාසයේ නව ගමනක්, නව පෙරළියක් හා හැරවුම් ලක්ෂයක් ආරම්භ කරනා බවත් යටිතල පහසුකම් මෙන්ම ජනතාවගේ සංවර්ධනය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

එමෙන්ම යාපනය දිස්ත්‍රික්යේ ආසන මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කාර්මික ජනපද ආරම්භ කරනා බවත් සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇති කරනා බවත් යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක්, දැනුමේ කේන්ද්‍රස්ථානයක් හා උගතුන් හා බුද්ධිමතුන් බිහි කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. එමෙන්ම සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 230ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2573ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගරාධිපති තේරීමට රහස් ඡන්දයක්. දීර්ඝ වාදයකින් පසු සභාව ඒකමතික තීරණයකට

කොළඹ නගරාධිපති ධුරය තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට සභාව...

සජිත්ලා,නාමල්ලා කොළඹ බලය අල්ලන්න කතා කරන එකම කොළඹ ජනතාවට කරන අසාධාරණයක්!

කොළඹ LNW:කොළඹ ජනතාව දී තිබෙන ජන වරම අනුව විපක්ෂය...

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...