එක්සත් ජනපද නව සම්බාධක හේතුවෙන් රුසියාව ඩොලරය සහ යුරෝ තහනම් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 14,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදය විසින් රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමත් සමඟ රුසියාව ඩොලර් හා යුරෝ භාවිතා කරමින් සිය වෙළඳම සිදු කිරීම ඊයේ(13)දිනයේ සිට තහනම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මොස්කව් කොටස් වෙළඳපොල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, මොස්කව් විනිමය සමූහයට එරෙහිව එක්සත් ජනපදය විසින් සීමාකාරී ක්‍රියාමාර්ග හඳුන්වාදීම හේතුවෙන් විදේශ විනිමය ගනුදෙනු, ලෝහ වෙළඳම, කොටස් හා බැඳුම්කර සඳහා ඩොලර් හා යුරෝ මුදල් ඒකක භාවිතා නොකරන බවයි.

මොස්කව් සිය වාණිජ කටයුතු සඳහා චීනයේ යුවාන් භාවිතා කිරීමට නියමිත වන අතර මොස්කව් හා බීජිං අතර පවතින සමීප වෙළඳ හා දේශපාලන සබඳතා හේතුවෙන් පසුගිය මැයි මාසයේදී පමණක් වෙළඳාම් කරන ලද සියලුම විදේශ මුදල් වලින් 53.6% යුවාන් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...