හිමාල කඳුකරයේ නායයෑම් හේතුවෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 14,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පවතින වර්ෂා අධික කාලගුණික තත්වය හේතුවෙන් ඉන්දියාවේ සහ නේපාලයේ හිමාල කඳුකර ප්‍රදේශ වලට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් සංචාරකයන් 24,00ක් පමණ අතරමංව ඇති බව වාර්තා වේ.

පසුගිය පැය 36 තුළ අඛණ්ඩව වර්ෂාපතනය ඉන්දියාවට ලැබී ඇති අතර කඳු මුදුන් 28ක් පිහිටා ඇති භූතානය සහ නේපාලය අතර මායිම්ව ඇති ඊසානදිග සිකිම් ප්‍රාන්තයට බරපතල හානි සිදුව ඇත.

එම කලාපය ග්ලැසියර 21ක් සහ විල් 200කට අධික ප්‍රමාණයකින් සමන්විත දර්ශනීය කලාපයකි. වර්ෂාපතනය හේතුවෙන් මෙහි අවම වශයෙන් නිවාස 45 ක් විනාශ වී ඇති අතර මාර්ග, පාලම් ආදී යටිතල පහසුකම් ද විශාල වශයෙන් හානි වී ඇත.

රටේ උතුර ධාරානිපාත වර්ෂාව සමඟ පොරබදමින් සිටින අතර, ඉන්දියාව වාර්තාගත දිගු ගිම්හානයකට මුහුණ දෙමින් ඇත. එනම් දිල්ලි අගනුවර කොටසක් පසුගිය මාසයේ රටේ ඉහළම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 49.9 (ෆැරන්හයිට් 121.8) වාර්තා කරනු ලැබිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ...

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...