*
Sunday, June 23, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට හැකි වන්නේ දැනුම භාවිතා කිරීම තුළින් පමණයි – ජනපති

සටහන – රෂිකා හෙන්නායක ජුනි 14 , කොළඹ (LNW):

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) www.publiclearn.lk නිල වශයෙන් එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

“Public Learn” යනු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වලින් නොමිලේ පාඨමාලා හැදෑරීම සඳහා පරිශීලකයින් යොමු කරවනු ලබන වේදිකාවක් වන අතර, මෙම වේදිකාව රීජන්ට් ග්ලෝබල් ආයතනය (Regent Global) විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

එය ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීමට එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව විසින් අරමුදල් සපයා තිබෙන බවද සඳහන් වේ.

මෙහිදී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) www.publiclearn.lk නිල වශයෙන් දියත් කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වුණු අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අඩු පාඩු කඩිනමින් නිවැරදි කර ගැනීමට අප මේ වන විට කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙසේද පවසා සිටියා,

” ආචාර්ය සෙල්වා පන්කජ් මහතා ශ්‍රී ලංකාවට ලබා දී ඇති මෙම ත්‍යාගය වෙනුවෙන් පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. අප අද ජීවත් වන්නේ දැනුමෙන් පිරුණු සමාජයකයි. එම සමාජය තුළ තරගකාරීව ඉදිරියට යා යුතුව තිබෙනවා. අප අධ්‍යාපනය අතින් ඉදිරියෙන් සිටින රටක් බැවින් එය අසීරු කාර්යයක් නොවන බව මම විශ්වාස කරනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අඩු පාඩු කඩිනමින් නිවැරදි කර ගැනීමට අප මේ වන විට කටයුතු කරමින් සිටින බව කිවයුතුයි.

මෙම නව වැඩසටහන එම වැඩපිළිවෙළට මනා දායකත්වයක් සපයනු ඇතියි. ශ්‍රීමත් ගැවින් මහතා මෙවන් වැඩපිළිවෙලක ඇති වැදගත්කම සහ එහි අරමුණු පිළිබඳ හොඳින් විස්තර කළා. කෙසේ නමුත්, නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් අපේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි. නිසැකවම අපට එය කළ හැකි දෙයක් බව කිව යුතුයි.

පන්ති කාමර නොමැතිව සහ බිත්ති නොමැතිව පාසලෙන් පිටත වැඩි වැඩියෙන් ඉගෙනීමේ අවස්ථා සඳහා යොමු වීමට ඉදිරියේදී අපට සිදු වෙනවා. අද මේ ආරම්භ වන්නේ එම වැඩපිළිවෙළයි. පන්ති කාමර තුළ පවතින අත්දැකීම් සහිත දක්ෂ ගුරුවරුන්ගේ හිඟය පිළිබඳ අභියෝගය ද ජය ගැනීමටද මෙය අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

එසේම මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත ඉදිරියට ගෙන යාමේ මෙන්ම රටේ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීමේ ගමන් මගේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇතියි.

අපේ රටේ අධ්‍යාපනයේ විකාශය අදියර 03ක් යටතේ සිදු වී තිබෙනවා. පළමුව මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම රැගෙන මෙරටට පැමිණිමත් සමඟ පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කෙරුණා. සෙනරත් පරණවිතාන මහතා පැවසුවේ රහත් වීමට අසමත් වූවන් ඇළ මාර්ග, දාගැබ්, සීගිරිය සහ අප සතු අනෙකුත් ගොඩනැගිලි මෙන්ම සෞඛ්‍ය පද්ධතිය සැලසුම් කිරීමට කාලය ගත කළ බවයි.

දෙවනුව බ්‍රිතාන්‍යයන් පැමිණ රජයේ පාසල් පද්ධතිය ආරම්භ කළා. එය දැන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒවා අප මහ විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාල යනාදී වශයෙන් හඳුන්වනවා. ඉන් පසුව අප කීර්තිමත් සහ ජාතික පාසල් සංකල්පය ගෙන ඒමෙන් පසුව සමස්ත පාසල් පද්ධතිය අද පවතින තත්ත්වයට වැඩි දියුණු වී තිබෙනවා.

දැන් අප අධ්‍යාපනයේ තුන්වන අදියරට පැමිණ තිබෙනවා. ඒ තමයි අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කර විවෘත වේදිකාවක දැනුම භාවිතා කිරීම. අප ඩිජිටල් ආර්ථිකයක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. එහිදී නවීන දැනුම භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට හැකි වන්නේ දැනුම භාවිතා කිරීම තුළින් පමණයි”

ලෙස ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan