Update : ඉරානය විසින් ඊශ්‍රායල් ජනාකීර්ණ නගර වෙත බැලස්ටික් මිසයිල 150ක් දියත් කරයි; දෙපාර්ශවය අතර ගැටුම් තවදුරටත්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට එල්ල කරන ලද අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ඉරානය ඊශ්‍රායලය පුරා ස්ථාන ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කළ බව ඉරානය තහවුරු කර තිබේ.

ඒ අනුව, මධ්‍යම ටෙල් අවිව් නගරය, රාමත් ගාන්, ජෙරුසලම ආදී ජනාකීර්ණ නගර ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්තිධය බිඳ දමා ඇති අතර ඊශ්‍රායලයේ එක් කාන්තාවක් මියගොස් 34 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල කරුවන් ටෙල් අවිව් හි ඉචිලොව් රෝහල වෙත යොමුක ඇත.

ඊයේ(13)දිනයේද ඊශ්‍රායලය විසින් දියත් කළ ප්‍රහර හේතුවෙන් ඉරානයේ ඉරාන හමුදා ප්‍රධානී මොහොමඩ් බගෙරි සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) ප්‍රධානී හොසේන් සලාමි ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු මිය යාම සහ න්‍යෂ්ටික ඉලක්ක විනාශ කිරීමට ගත් උත්සාහයට ප්‍රතිචාර වශයෙන් ඉරානය මෙම ප්‍රහාරය දියත් කර තිබේ.

මිට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය විසින් ඉරානයේ හමුදා ස්ථාන සහ න්‍යෂ්ටික පහසුකම් මත ප්‍රහාර දියත් කිරීම දිගටම කරගෙන යන බැවින්, ඊශ්‍රායලය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් ඉරානයේ 320 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර කලාපයේ ඇමරිකානු කඳවුරු වලට පහර දීමට එරෙහිව ඉරානයට අනතුරු අඟවමින් එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ප්‍රහාරයෙන් ඈත් වීමට උත්සාහ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...