හාන්න,වපුරන්න කළින් පොළව බලන්නත් එන්න ඕනි. ලෝකයේ දෙවැන්නට ලංකාවේ පළමුවැන්නාගෙන් විශිෂ්ඨ ප්‍රහාරයක්

Date:

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW:

ලංකාවෙ ක්‍රීඩාවෙ ඇමතිවරු වගේම ක්‍රීඩා අමාත්‍යංශයෙ ඉන්න ඉහළ නිලධාරීන් කියන්නෙ ළඟට ගිහිං එක්ක ගෙන ඇවිත් ක්‍රීඩාව පෙන්නන් ඕනි පරිසකට.ක්‍රීඩාවට අනාරාධිතව පැමිණ විමසා බැලීමේ ක්‍රීඩාලෝලීත්වයක් ඔවුන්ට නැහැ.වෙනස් වෙන්න ඕනි මේ සම්ප්‍රදායන්.ගව් ගණන් දුරට ක්‍රීඩා පරිපාලකයො ඈත් කරලා තියෙන එක නෙමෙයි සිඳු විය යුතු වෙනස.ඒත් වෙනස් නොවී පරිපාලකයා සහ ක්‍රීඩා පරිපාලකයා අතර දුරස්තභාවය තබාගෙන වැඩ කිරීමේ ක්‍රමයකුයි ඇති වෙමින් තිබෙන්නේ.


“මා වැනි බිළින්දා – වර වර ළඟට කැන්දා – දුක් සැප කුමන්දා – අසන නිරිදෝ වෙන කොයින්දා“
මෙහෙම හැඟීමකින් බලය නඩත්තු කරන පරිපාලකයො අවශ්‍යය වෙනවා.ක්‍රීඩාව පාලනය කරන පිරිසට අඩුම ගාණෙ ඒ ගැන හොඳ ඉවක්,රසක්,ක්‍රීඩා ලෝලීත්වයක් තිබීමයි වැදගත්.


මේ සියල්ල ලියන්න හේතු වුණේ ලොව අංක දෙකට ශ්‍රේණිගතව සිටින බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන ඇන්ඩර්ස් ඇන්ටොන්සන් හදිසියේ ලංකාවට කැඳවා පවත්වන්නට යෙදුණ බැඩ්මින්ටන් තරගයක් නිසයි.ඩෙන්මාර්කයේ සිට පැමිණි මෙම ක්‍රීඩකයා සමඟ ඉතා ඉක්මණින් දවසක් ඇතුළත තරගයක් සංවිධානය කිරීමේ වගකීම කරට ගන්නෙ හිටපු බැඩිමින්ටන් සභාපතිවරුන් දෙදෙනෙක් වන රොහාන් ද සිල්වා සහ සුමිත් ගුරුගෙයි.බැඩිමින්ටන් වෙනුවෙන් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව සතු අනාගත විශිෂ්ඨම බලාපොරොත්තුව වෙනුවෙන් ඒ එකුතුවීම හරිම ප්‍රසන්නයි විශිෂ්ඨයි.


ඩෙන්මාර්ක් ක්‍රීඩකයාගේ ප්‍රතිවාදියා වුණේ මේ ගතවෙන මොහොතේ ශ්‍රී ලංකාව සතු හොඳම බැඩිමින්ටන් ක්‍රීඩකයා වන විරේන් නෙත්තසිංහයි.ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ බුටුවලට මාන්නය නැතුව ක්‍රීඩාව සම්බන්ධයෙන් රසිකත්වය තිබුණනම් මේ පුටුවල ඉඳගන්න තිබුණා.ඒ ක්‍රීඩාලෝලී ආදරය තමයි වැදගත්.


තමන්ගෙ රටේ දිනයක් ඇතුළත ලෝකෙ අංක දෙකේ ක්‍රීඩකයාට කතා කරලා තරගයක් සංවිධානය කරන්න පුළුවන් මිනිස්සු ඉන්න එක ගැන ක්‍රීඩා ඇමතිවරයාගේ ඉදන් පරිපාලනයේ ඉන්න ඉහළ නිලධාරීන් දක්වාම සතුටු වෙන්න ඕනි.මේ ප්‍රචාරය දවසක් හරහා තටු ඇවිත් වගේ පියඹලා යන්න මාධ්‍ය කරපු හරිය දැක්කෙ එතන පිරුණු හිස්ගොඩවල්වලින්.ක්‍රීඩා අමාත්‍යවරයාට,නිලධාරීන්ට ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශයෙ බලධාරීන්ට මෙහෙම දෙයක් වෙන බව කියන්න සමීප හෝ මිත්‍රශීලී කවුරුත් නැද්ද?කියන්න අවධානයක් නැති අය සිටීම ද,කිව්වත් අපට ආරාධනයක් නැතුව යන්න බැහැ වගෙ උද්ධච්ඡකම ආලේපනය වුණ හැඟීමක් ඒ ඉහළ පුටුවල ඉන්න අයව අසනීප කරාද කියන තැන තමයි ගැටළුව තියෙන්නෙ.
අනවසරයෙන් ක්‍රීඩාව හොයා ගෙන යන රසිකත්වයක් පාලකයන්ට තිබිය යුතුයි.මල්මාලා දාලා පාවඩ දාලා එන්න කියන හැම තැනම තුවාල පැලස්තරවලින් වහලා තියෙන්න පුළුවන් කියන එක මේ සංස්කෘතිය ඇතුළෙ ඉගෙනගෙන නැත්නම් ඒක දුර්වලකමක්.එහෙම අඩු පහසුකම් මැද්දේ මිනිස්සු ලංකාවේ බැඩිමින්ටන් තරගයක් බලන්න වැඩියෙන්ම පිරුණු තැනට ආවනම් ඒක දේශපාලනික වශයෙන් ආකර්ශණිය මොහොතක්.ඒ වගේම ලංකාවෙ බැඩිමින්ටන් ගැන හිතන්න අලුත් අදහසක් ගන්න ඒක වැදගත් ‍අවස්ථාවක් කරන්න විරේන් නෙත්තසිංහ සමත් වුණේ ලෝකයේ අංක දෙකේ සූරයාව වට 2-0 ක් ලෙස පරාජයට පත් කරමින්.


ලංකාවෙ අප අත්විඳ ඇති දේශපාලකයා වගේම මේ ඇති වී තිබුණ පුනරුදයට අකමැති කෙනෙක් මේක විග්‍රහ කරන්න පුළුවන් ඒ විදිහට.ඒත් ඇසින් දුටු සාක්ෂියකට ඒක ඊට වඩා වෙනස් හැඟීමක්. ඇන්ඩර්ස් ඉදිරියෙන් හිටිය වෘත්තීය මට්ටම අවසාන මොහොත දක්වාම පෙන්නුම් කරා.ඒත් ඔහු තරගය ආරම්භයේදී එය පහසුවට ගත්තා.සමහර විට හාවයි ඉබ්බයි රෙස් එකේදී හාවට වුණ දේ ම වුණා ද දන්නෙ නැහැ.ඒත් තරගය අතරමඟ තමන්ට ලැබුණ බුරුල විරේන් ඇන්ඩර්ස් තද කරන්න භාවිතයටගත් හැටි අපූරුයි.ඔහුට වේගවත් පහර සඳහා අවකාශය හිමිවන ආකාරය තීරණය වන්නේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව අතර සම්බන්ධය පදනම් කරගෙනයි.විරේන් එහිදි ඇන්ඩර්ස්ට එම අවස්ථාවන් ලබා දෙන්න කටයුතු කළේ නැහැ.එසේම දැල අතර පිහාටුමල පාලනයේදි විරේන්ගේ හපන්කම් ගැන ඇන්ඩර්ස් පවා විශ්වාස කළේ නැහැ.


ඒ නිසා විරේන් පටන්ගත් තැන සිට හොඳ මානසික ඒකාග්‍රතාවයකින් තරගය තුළ සිටියා. ඇන්ඩර්ස් යම් ආකාරයකින් පසුබෑවේනම් ඒ දේශගුණික සාධක මතයි.එහිදී ඔහු දැඩි පීඩාවකින් රශ්ණය නිසා සිටි බව පෙණුනා.එහෙත් ලෝකයේ අංක දෙක ක්‍රීඩකයා නිසා ඔහු ඉදිරියෙන් සිටින ලෝකයට ශ්‍රී ලංකාව ද අයත් වෙනවා.විරේන් ඉතා අපහසුවෙන් දැඩි සීතලෙන් යුතුව යුරෝපීය රටවලදී තරග කළ අවස්ථා අප දැක තිබෙනවා.ඒවා පරාජය වූවාට වඩා හොද විදිහට පරාජය වෙන්නට හෝ දිනන්නට තිබුණා බවක් සීතල නැත්නම් තිබුණා යැයි කිව හැකියි.ඒ නිසා ලෝක මට්ටමේ ක්‍රීඩකයෙකුට එම තත්ත්වය වලංගු නැහැ.දේශගුණය ජයගැනීමේ හැකියාව ලෝක මට්ටම මෙන්ම වෘත්තීය මට්ටම සමඟ තිබිය යුතුයි.ඒක ඇන්ඩර්ස් සඳහා පමණක් නොවේ විරේන්ටත් අදාළයි. පොදුයි.


ලකුණු 21 – 18 ක් දක්වා ඉදිරියට ගිය පළමු වටයට වඩා දෙවන වටයේදී විරේන්ගේ බලපෑම දැඩි වුණා.එය නිමාව දුටුවේ 21 – 14 ක් ලෙසයි.ගෙවුණු වසර කිහිපය තුළ බොහෝ අයගේ විවේචන මැද රොහාන්ද සිල්වා බැඩිමින්ටන් වෙනුවෙන් කළ ආයෝජනය සහ එසේ ආයෝජනය කරමින් මිනිසුන් අතරට රැඟෙන යාමේ ප්‍රතිපලය විඳහා දක්වන්න බැඩිමින්ටන් තරගයක් වෙනුවෙන් ප්‍රෙක්ෂකාගාරයක් හැටියට පිරුණු ඉහළම පිරිස පැමිණ සිටියා.ඒ අතර මාධ්‍ය කළ මැදිහත්වීම නිසා ක්‍රීඩාවට ආදරේට මෙන්ම රට ගැන හැඟීමෙන් ආපු පිරිසක්ද සිටියා.
සාමාන්‍යයෙන් බැඩ්මින්ටන් තරගාවලියක ඉන්න පිරිස නැත්නම් එහි ප්‍රෙක්ෂකාගාරය යනු වැඩිපුරම ක්‍රීඩකයන්ගේ නෑ හිතවත්තු.ඒත් මේ තරගය වෙනුවෙන් පැමිණි පිරිස සියල්ලම විරේන් සහ ලාංකේයත්වය පදනම් කරගෙන ආපු අය.මේ රහ සහ හදවතට දැනීම ඇති කරන්න ඉන්ද්‍රජාගික වැඩේ කළේ රොහාන්ද සිල්වා.එසේම ලංකාව පුරා සීම ආකාරයකටම බැඩමිනටන් දැණුම ව්‍යාපත් වෙන්නට දෙමින් රොහාන්ගේ නායකත්වය යටතේ වැඩ කළ උප සභපතිවරුන් තමන්ට පැවරුණු රාජකාරිය ඉටු කිරීමෙන් අත් කර දුන් ප්‍රගතියද මෙහිදී වැදගත් කොට සිතිය යුතුයි.කණ්ඩායමක් සහ ඊට දුන්න නායකතවයේ දැක්ම සහ සහයත් මිත්‍රශිලීත්වයත් කැප කිරීමත් මත අද වන විට විරේන් වැනි ක්‍රීඩකයෙකු පමණක්ම නොවේ,රනිත්මා ද සිටන්නේ ලෝකයේ අවධානයට පාත්‍ර වෙමින්.එසේම නැඟී එන කුඩා කණ්ඩායම් රට පුරා පෙළ ගැසෙනවා.තීරකයන්,විනිසුරුවන් සහ පුහුණුකරුවන් ද දැණුමෙන් පෝෂණය වෙනවා.ලංකාවේ බැඩිමින්ටන් අනන්‍යතාවය තියාගන්න ප්‍රභූන් හැටියට නොසිතා ක්‍රීඩාලොලීන් හැටියට සිතා අමාත්‍යංශය වැඩ කරන්න පටන් ගන්න.


හාන්න,වපුරන්න කළින් පොළව බලන්නත් එන්න ඕනි.මේක මතක තියාගෙන නිකංම අරුත් සුන් වදන් නොවන, ජයග්‍රහණ උපදවන ක්‍රියා පදවලට පෙරළන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...