ප්‍රහාර නවත්වන්න : António Guterres ඊශ්‍රායලය සහ ඉරාන නායකයන්ගෙන් ඉල්ලයි!

Date:

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW :

එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres විසින්, ඊශ්‍රායලය සහ ඉරාන නායකයන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.

ඒ, ඊශ්‍රායලය සහ ඉරානය දෙපාර්ශවයට එල්ල කරන ප්‍රහාර නතර කරන ලෙසයි.

යුද ගැටුම් නැවැත්වීමට කාලය පැමිණ ඇති බව, සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

සාමය හා රාජ්‍යතාන්ත්‍රිකභාවය ජය ගත යුතු බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන බවද වාර්තා වේ.

තවද, ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය චීනය විසින් හෙළා දැක තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ෆූ කොන් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදී පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් ඉරානයේ ස්වෛරීභාවය ආරක්‍ෂාව සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම හෙළා දකින බවයි.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මේ අතර කැනඩාව ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට පක්ෂපාතීව අදහස් දක්වා ඇති බවයි.

කැනඩාව ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයට සිය රට ආරක්‍ෂා කර ගැනීමට සහ ආරක්‍ෂාව සහතික කර ගැනීමට අයිතියක් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...