ගෑස් නැතුව ආපනශාලා 60%ක් වැහිලා. පෝෂණය ගැනත් බරපතළ ප්‍රශ්නයක් – අසේල සම්පත් (VIDEO)

Date:

රටේ පවතින ගෑස් අර්බුදය නිසා ආපනශාලා 60%ක් පමණ වැසී ගොස් ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

“අද වෙනකොට ලිට්‍රෝ සමාගමේ ගෑස් වෙළඳපොලට සපයන්නේ නැතුව දවස් 5ක් වෙනවා. ඒකෙන් ජීවත්වෙන සුවිශාල පිරිසක් අද වෙනකොට යන එන මං නැතුව නන්නත්තාර වෙලා ඉන්නවා. අපේ ආපනශාලා 60%ක ප්‍රමාණයක් මේ වනවිට වහලා දාලා කරකියාගන්න දෙයක් නැතුව මැරෙන්න බැරිකමට ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා ආපනශාලා හිමියෝ. විශ්වවිද්‍යාල බරපතළ ගණයේ අර්බුදයකට ලක්වෙලා තියෙනවා, මොකද ඒවායේ අඩුමිලට කෑම දෙන්න ඕනෙ. අඩු මිලට කෑම දෙන්න නම් චෞ චෞයි, පිපිඤ්ඤායි, ගස්ලබුයි, අඹයි, වට්ටක්කායි තමයි දෙන්න වෙන්නෙ. එහෙම නැතුව මේ එළවලුත් එක්ක කෑම දෙන්න බෑ. මේවාත් එක්ක කෑම කනකොට මේගොල්ලොන්ගෙ පෝෂණය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් එනවා. රටකරන ඇත්තෝ, උන්ගේ හෙන්චයියෝ සහ ගජමිතුරු ව්‍යාපාරිකයෝ සුඛ විහරණය ලබද්දී අහිංසක මිනිස්සු අද ලෙවකන තත්වයට පත්වෙලා තියෙන්නෙ”

අසේල සම්පත් මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ තායිවානය ‘තීරණාත්මක’ ගිවිසුමකට අත්සන් තබයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා  තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරනවා – Shannon Cowlin

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව සඳහා...

අද (13)කාලගුණය – තැනින් තැන වැසි

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : අද (14)දින...

පාස්පෝට් ගන්න අද (13) එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW: අද (13) දින ...