ඖෂධ හිඟය : පොළඟෙකු දෂ්ට කිරීමෙන් සිසුවෙකු මරුට. ප්‍රවේශම් වන්න (VIDEO)

Date:

සර්ප දෂ්ටනයකදී ලබාදෙන ඖෂධ නොමැති වීමෙන් සිසුවෙකු මරුමුවට පත්වීමේ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි මෙම සිසුවා පසුගිය 07 වනදා සිය නිවස ඉදිරිපිට ක්‍රීඩා කරමින් සිටියදී පොළඟෙකුගේ දෂ්ටනයකට ලක්ව ඇති අතර ඔහුව කඩිනමින් අනුරාධපුර රෝහලට ඇතුළත් කළත් ඔහුට ලබාදීමට අවශ්‍ය ඖෂධ එම රෝහල සතුව නොතිබුණු බවයි ඔහුගේ පියා පවසන්නේ.

ඒ අනුව එක් එන්නතක් රෝහලෙන් ලබාදී ඇති අතර සෙසු ඖෂධ පෞද්ගලික ඔසුසලකින් රැගෙන එන ලෙස ලියා දුන්න ද ඒ කිසිදු ඖෂධයක් අනුරාධපුර නගරයේ කිසිදු ඔසුසැලක නොතිබුණු බවත් දරුවාගේ පියා ප්‍රකාශ කරයි.

පසුගිය 08 වනදා මේ සිසුවා මරණයට පත්ව ඇත.

මෙම අවාසනාවන්ත තත්වය සම්බන්ධයෙන් අපත් දැඩි ලෙස කම්පා වන අතර සර්ප දෂ්ටනවලින් සහ සුනඛයින් ඇතුළු වෙනත් සතුන්ගේ සපාකෑම්වලින් හැකි උපරිමයෙන් ප්‍රවේශම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...