නාමල්ලා ගියත් ආණ්ඩුව වැටෙන්නේ නෑ – නිමල් ලන්සා

Date:

ඇමති ධුර ඉල්ලා බලකරමින් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවාදීන් ආණ්ඩුවෙන් ඉවත් වුව ද ආණ්ඩුව කඩා නොවැටෙන හෙයින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවයක් උද්ගත නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසයි.

විදෙස්ගතව සිටින මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ ”පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක් !” මැයෙන් පළකර තිබුණු පුවත පිළිබඳ “ද ලීඩර්” වෙබ් අඩවිය සමග අදහස් දක්වමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්ව පළමුවරට ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවූ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසුරුවනවා දැයි පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ගෙන් විමසීමක් කළ බව සිහිපත්කළ ලන්සා මන්ත්‍රීවරයා, ” මම විසුරුවන්නේ නැ. එත් ඔබතුමාලා කියන වෙලාවක ව්‍යවස්ථානුකුලව පාර්ලිමේන්තුව විසුරුවන්නම්” කියා පැවසු බවද සිහිපත් කර ඇත.

එනිසා කැබිනට් ඇමතිකම් ප්‍රශ්නයක් මත මේ අවස්ථාවේදී ආණ්ඩුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවයක් මතු නොවනබව පැවසු මන්ත්‍රීවරයා, නාමල් රාජපක්ෂ කණ්ඩායමට මේ අවස්ථාවේදී පොහොට්ටුවේ මන්ත්‍රීවරු 25කට වැඩි සහයක් නොමැති බවද අවධාරණය කර තිබේ.

”රාජපක්ෂවාදීන් ආණ්ඩුවෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද එයාල යනවනම් විපක්ෂයෙන් මන්ත්‍රීවරු ඊට වැඩි පිරිසක් ජනාධිපතිවරයාට සහය පලකිරීමට එකඟවී තියනවා. සජබෙන් , නිදහස් කණ්ඩායමෙන් , උත්තර කණ්ඩායමෙන් ආණ්ඩුවට එන්න බලන් ඉන්න මන්ත්‍රීවරුන්ට තියන එකම බැරියර් එක ඔය බැසිල් කණ්ඩායම ..” යැයි පැවසූ නිමල් ලන්සා මන්ත්‍රීවරයා,

”පහුගිය කාලේ පාන් කියාගන්න බැරුව හැංගිලා හිටපු කට්ටිය, රනිල් ජනාධිපතිතුමා යාන්තන් රට ගොඩදාගෙන එනකොට ඔන්න දැන් ජනාධිපතිතුමාට විරුද්ධව වැඩකරන්න පටන් අරන්. මේවා පැහැදිලිවම කුහක වැඩ. සේරම එකතුවෙලා ආර්ථිකය ගොඩදාගන්න ඕන වෙලාවක ජනාධිපතිතුමාගේ කකුලෙන් අදින එක අනුමත කරන්න බැහැ . මම ලංකාවට ආපු ගමන් ඔය ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා. ” යැයි ද වැඩිදුරටත් පවසා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...