අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරඟු ගොවීන් දස දහසකට රුපියල් බිලියනයක ආධාරයක්!

Date:

අනුරාධපුර (LNW): කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (Smallholder Agribusiness Partnerships Programme) යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරඟු ගොවීන් දස දහසක් (10 000) සඳහා රුපියල් බිලියනයක ආධාරයක් ලබා දීමට සැලසුම් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ පළමු අදියරේදී   බඩ ඉරඟු ගොවීන් සඳහා බිම් සකස් කිරීම සඳහා මුල්‍ය ආධාර ලබා දීම, බීජ නොමිලේ ලබා දීම, තෙල් ඉසින යන්ත්‍ර හා බහු කාර්ය තණ කොළ කපන යන්ත්‍ර ලබා දීම ආදී ආධාර රැසක් ලබා දීම සිදු කෙරිණි.

එහි දෙවන අදියර යටතේ ප්‍රථිලාභයන් මීට පෙර හිමි නොවූ  අනුරාධපුර දිස්ත්‍රික්කයේ   බඩඉරඟු ගොවීන් දස දහසක් (10000) වෙනුවෙන් රුපියල් බිලියනයක ආධාර ලබා දීමට සැලසුම් කර ඇත. මේ යටතේ බඩඉරඟු අක්කර විසිදහසක් ( 20 000) වගා කරවීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ජාවක් කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ හා හිටපු අමාත්‍යය වීර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ   හා කෘෂිකර්ම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු නිළධාරීන් හා කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ අධ්‍යක්ෂවරුන් ඇතුළු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන්  කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්විණි.එහිදී මෙම ව්‍යාපෘතිය කඩිනමින්, සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරිණි.

සුළු පරිමාණයෙන් සිදු කළ බඩ ඉරඟු වගාව අභාවප්‍රාප්ත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ප්‍රචලිත කිරීම මීට වසර කීපයකට පෙර සිදු කරනු ලැබූ අතර,මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයකට ආසන්න භූමි ප්‍රමාණයක, දිස්ත්‍රික්කය පුරා ගොවි ගෙවිලියන් දස දහස් ගණනක් බඩ ඉරඟු වගාව සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ ලෙස වගා කිරීම සිදු කරනු ලබයි.මාස් කන්නයේ වැසි ජලයෙන් බහුලව බඩඉරඟු වගාව සිදු කරන අතර ඒවා මිනිස් පරිභෝජනයට, ත්‍රීපෝෂ නිෂ්පාදනය හා කුකුල් කෑම ඇතුළු සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අලෙවිය සිදු කිරීම මගින් උපයා ගන්නා මුදල එම ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. එම බඩඉරඟු ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඔවුන්ගේ නිෂ්පාදන වියදම අවම කර, ආදායම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...