හරීන් ජනාධිපතිවරණයට දින නියම කරයි

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණය ඔක්තෝබර් 05 වෙනිදා පැවැත්වෙන බව සංචාරක, ක්‍රීඩා කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

“මැතිවරණය තිබ්බාම බලන්නකො. ඔක්තෝබර් 05 මැතිවරණය තියෙනවා, අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කරන හැටි කරලා පෙන්නන්නම්. IMF එක ලොකු සෑහීමකට පත්වෙලා ඉන්නවා ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන. ඔක්කොම කිව්වා මේ දේවල් කරන්න බෑ කියලා. කරන්න බැරි දේවල් තමයි මේ කෙරිලා තියෙන්නෙ. ඒ නිසා විශ්වාස කරනවා ලංකාවේ මිනිස්සු බුද්ධිමත්ව තේරුම් ගනීවි කියලා. ආයෙත් ගෑස් පෝලිම්වල ඉඳලා මැරෙනවාද එහෙම නැත්නම් මේ රට මේ විදියටම කරගෙන යන්න තව පොඩි කාලයක් මේ ජනාධිපතිවරයාටම දෙනවාද කියලා තීරණය කරයි”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) ගාල්ලේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...