ජනපතිගේ අලුත් කමිටුව අපි පිළිගන්නේ නෑ – කතෝලික සභාවෙන් තද ප්‍රතිචාරයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇති විමර්ශන කමිටුව පිළිනොගන්නා බව කතෝලික සභාව පවසයි.

මේ කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් පැවසුවේ පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට සැබවින්ම අවශ්‍යතාවක් ඇත්නම් එම ප්‍රහාරය පිළිබඳ කරුණු සොයාබලා නඩු පැවරීමට බලය ඇති විශේෂ නිලධාරියෙකු හා කාර්යාලයක් ස්ථාපිත කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇති බවයි.

“අපි එදා ඉඳන්ම ඉල්ලපු දේ තමයි මේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් ඒ නිර්දේශ එකක්වත් රජයවත් නීතිපතිවරයාවත් ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා අපි මේ ජනාධිපති පත්කළ නව කමිටුව පිළිගන්නේ නැහැ කියන එක ප්‍රකාශ කරනවා. නිලන්ත ජයවර්ධන, සුරේෂ් සලේ, පොලිපතිවරයා මේ වගේ අය තමයි මේ කමිටුව ඉදිරියේ පරීක්ෂණයට ලක්වෙන්නෙ. එහෙම නම් ඒ අය ධුරවල තියාගෙන සාධාරණ පරීක්ෂණයක් කරන්නේ කොහොමද? මේක මැතිවරණ ඉලක්ක කරගෙන මිනිස්සුන්ව රවට්ටන්න කරන ක්‍රියාවක්ද කියන සැකය අප තුළ තියෙනවා. අපි යෝජනාවක් කරන්න කැමතියි රාජ්‍ය නිලධාරීන්ට නඩු පැවරිය හැක්කේ නීතිපතිට. නීතිපතිවරයා දේශපාලනීකරණය වෙලා. මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරලා විශේෂ අභිචෝදකයකු හා කාර්යාලයක් ස්ථාපිත කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට තියෙනවා. එහෙම නැතිව තවදුරටත් මිනිස්සුන්ගේ මුදල් නාස්ති කරලා කල්මරලා නිරර්ථක දේ සිදුකරන්න එපා”

සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවසුවේ ඊයේ (14) කොළඹ අගරදගුරු මැදරේදී පැවති මාධ්‍ය හමුවකදී ය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...

හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි

තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව...

වැසි තත්වයේ වැඩිවීමක් – අද (22) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින...

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...