සජබ e කොළම.

Date:

   (වොෂින්ටන් මකරා)

👺කොළොන්නාව මුල් කරගෙන කොළඹ ගංවතුර නැති කරන ව්‍යාපෘතිය සජබ රජයකින් මරික්කාර්ට පවරනවා – වි : නායක සජිත්.

👺IMF සහාය නැතුව රට කරන්න පුළුවන් යයි කියන අවබෝදයක් නැති මෝඩ නායකයොත් ලංකාවෙ ඉන්නවා – සජිත්.

👺ජනපතිට අනුරට යාපනයේ ටී එන් ඒ මූලස්ථානයට එන ලෙසට  නොලැබුණු ආරාධනය වි : නායක සජිත් ට ලැබෙයි.

👺යාපනයටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයකට අවශ්‍ය පසුබිම සජිත් නිර්මාණය කරයි. මණ්ඩතිව් ක්‍රිකට් පිටිය ඉහළ පහසුකම් වලින් සකසන්න තීන්දුවක් – අජිත් පී.

👺පරාජයෙන් වියරු වැටුණ මාළිමා නඩය සජිත් ට දිගටම මඩ ගැසීමේ වාසියත් සජිත්ට ම කරකැවෙනවා. මධ්‍යස්ත මිනිස්සු මෙහෙම පහත් විදියට කෙනෙකුට මඩ ගහනවට ඉඩ දෙන්නෙ නෑ – මහලේකම් රංජිත්.

👺මාළිමාවෙ නායකයො අපිව හමුවුණා.  ඒත් දැන් උඩින්ම ඉන්නේ සජිත් නිසා අපි ඔහු දිනවනවා – හකීම් කියයි.

👺රනිල් ගිණිගත් රටට හුස්මක් දුන්න එක නොපිළිගන්න තරම් අපි කුහක නෑ. සජබ එජාප එකතු නොවුණොත් කිසිම දැක්මක් අත්දැකීමක් නැති පිරිසකට රට ගියොත් රටේම අනාගතයම ඉවරයි. කිසිම පළපුරුද්දක් නැති ගෝඨට රට ගිහින් කළ විනාශය අපට මතකයි – අජිත් මාන්නප්පෙරුම.

👺මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන්න බොරුවට කතා කරන ජවිපෙ රු කෝටි ගණනක විශ්‍රාම වැටුප් ගත්තා – අර්ල් ගුණසේකර.

👺හතර දෙනෙකුගෙන් යුගු පවුලක් ගංවතුරෙන් බේරාගත් වයස 17පාසල් සිසුවිය බලන්න සජිත් පාදුක්කට යයි. තෑගික් දෙයි.

👺පාසල් ගුරුවරියක් රන්ජන් ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් වෙයි. කරගෙන ආ සමාජ සේවා තවදුරටත් කරගෙන යාමට ඉන් පසුබිම හැදෙන බවත් මේ මඩ නඩුව පසුපස දේශපාලන හස්තයක් තිබූ බවත් මේ බොරු නඩුවට වැය වූ රු ලක්ෂ 80 න් දුගී දරුවන්ට පරිඝනක දෙන්න බැරිවීම ගැන කනගාටු වෙන බව රන්ජන් කියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...