බොක්සිං ගහන,පොත් ලියන අලුත් අක්ෂියකින් ලොව දකින නිලක්ෂි

Date:

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW:

නිලක්ෂි බණ්ඩාර යන නම බොහෝ දෙනෙකුට ක්‍රීඩාවේදී නුහුරු අත්දැකීමක් වුව ද,සාහිත්‍ය කේෂ්ත්‍රයේ දී මේ තත්ත්වය වෙනස්ය.ඒත් මේ කතා කරන්න යන්නෙ නිලක්ෂි බණ්ඩාරගේ ක්‍රීඩාව ගැනය.ඇය මෙවර ජාතික ක්‍රීඩා උළෙලට සබරගමුව නියෝජනය කරමින් එන කිලෝ ග්‍රෑම් 81 බර පංතියේ බොක්සිං සූරිය වන්නීය.


ඇය විටෙක විසුරුණ සුළුය.එහෙත් හොඳින් බැලූ විට ඇය පැතිරුණ බවක් පෙන්නන්නීය.ඇය වසර ගණනාවකට පෙර කළ බොක්සිං අත මැර නැති බව ඇය පෙන්වන්නේ මෑතකදීය.අධ්‍යාපනය නිසා පසෙකින් තැබූ බොක්සිං සමඟ යළි එකතු වන ඇය වසර ගණනාවකට පසු යළි බොක්සිං කවයට ගොඩ වී ජය ගත්තද,ඇය මේ වන විට ඇසුරු කරන සාහිත්‍ය සමාජය නිලක්ෂි බණ්ඩාර කියන බොක්සිං ක්‍රීඩිකාව දන්නේ නැත.


ඇය රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය හෙවත් කාලයක් තිස්සේ රත්නපුර බොක්සිං පාසල ලෙස හඳුන්වන විද්‍යාලයේ සිසුවියක උන්නාය.එවිට නිතර දකින බොක්සිං හා ඇය බැඳුණත් පසුව ඇයට ගුරුවරියක වූ අම්මා නිසා සීවලියෙන් නික්ම සුමනා බාලිකාවට යන්න වූවාය.එහෙත් සීවලියේ පොක්සිං ඇගේ ගත තුළත් සිත තුළත් තිබුණාය.ඒ නිසා බොක්සිං කරන්නට පැමිණි ඇය යළිත් අතර මඟ නැවතුණාය.
ඒ අධ්‍යාපන උවමනාවේ එක් තැවෙන ඇය නැවතී ඇත.ඉංග්‍රිසී ඩිප්ලෝමාව සමත් ඇය මනෝ උපදේශනය පිළිබඳවද උගත් සුදුසුකම් ඇත්තියකව සිටින්නිය.ඒ අතරම ඇය සාහත්‍ය කේෂ්ත්‍රයේ හිතවතුන් මා බැඳී රත්නපුරට සාහිත්‍යමය වටිනාකමක් ඇති කිරීමේ වැඩ පිළිවෙළකටද දායක වී සිටින්නීය.රත්නපුර ලේඛක සංසදයේ ප්‍රබලතම ක්‍රියාකාරිණියක වන ඇය ලීවීමට මෙන්ම සාහිත්‍ය පරිශීලනයටද රත්නපුර සමාජය වෙනස් කිරීමට උරදීම ඇත්තටම පැසසුම් සහගතය.


ඇයගේ හැදෑරීම්වල පලයක් ලෙස භාරතයෙන් විහිදුණ ප්‍රභාෂ්වරය මේ මොහොතේ කතාබහට ලක් වෙන ශාස්ත්‍රීය ග්‍රන්ථයක්ය.මේ සියල්ල කරන අතරේ යළිත් බොක්සිං අත් ආවරණප පැළඳ බොක්සිං කවයට ගොඩ වෙන්නට සිතන ඇය එයද ජය ගන්නේය.මෙම කාරණා දිග හැරෙද්දී ඇය එක දෙයකට පමණක් හපනියක් නොවන බවත්,තෝරා ගන්නා ඉලක්ක සාර්ථකව හඹා ගොස් ජයග්‍රහණයකින් නිමා කරන්නටත් සමත් බව පැහැදිළිය.


ඉංග්‍රිසි ගුරුවරියක ලෙස මෙන්ම මනෝ උපදේශනයේදී ද ගුරුවරියක ලෙස හපන්කම් පෑ ඇතත් නිලක්ෂි තවමත් සිටින්නේ විරැකියාවෙන්ය.විවිධත්ව හැකියාවන් ඇති සහ ඒවා සනාත කර ඇති මෙවැනි තරුණියකට ජීවන වෘත්තියක් නොමැතිවීම ගැටළුවක් නොවන්නේ ද?ගැටළුව ඇයට රැකියාවක් නැති කමට වඩා එවැන්නියකට රැකියා ඉඩක් නැති සමාජය ද විය හැකිය.
ක්‍රීඩාව ගැන ඇල්ම බැල්ම දසාහිත්‍ය ගැන ලබැඳියාවද ඇති ඇයට පාසලක මනෝ උපදේශනය වැනි විෂයක් ඉංග්‍රසී ඉගැන්වීමත් සමඟම ලැබෙනවානම් එය අපූරු වැඩක් වෙනු ඇත.විශේෂයෙන් ඇය සමාජීය ක්‍රියාකාරකම්වලට මැදිහත් වෙමින් ද,දේශපාලනිකව සමාජයට වැඩ කරමින් නව රජය පත් කිරීමේ ක්‍රියාවලියේ බිම් මට්ටමේ නොනිල වගකීම් රැසකට උර දුන්නියක හැටියට ද සංස්කෘතික ඇමති සුනිල් සෙනවි පවා දන්නවාට සැක නැත.එහෙත් ඇයගේ දැණුම වෘත්තීමය ලෙස භාවිතයට ගැනීමක් සිඳු වන්නේද යන්නනම් ඔහු ද නොදන්නවා විය යුතුය.එය මා මේ සටහනට අසා ගත්තේද අපහසුවෙන්ය.


සාහිත්‍යමය ඉඩක් ක්‍රීඩාව සමඟ ඇත්තේ අඩුවෙන්ය.ක්‍රීඩාව ගැන කෙරෙන සාහිත්‍යමය මැදිහත්වීම් වීම් ඉරකින් වෙන් කර ගැනීම සාහිත්‍ය කේෂ්ත්‍රය තුළ මෙන්ම ක්‍රීඩා කේෂ්ත්‍රය තුළද සිඳු වන්නේය.ක්‍රීඩාව ගැන ලියවෙන් සාහිත්‍ය කෘතියකදී එය ක්‍රීඩාව නොවේය යන හැඟීම නිසා ක්‍රීඩාවෙන්ද,සාහිත්‍යමය නොවන බවය වන හැඟීම නිසා සාහිත්‍යයෙන්ද වෙන් කර තැබීම සිඳුවන්නේය.එ අනුව බලන කළ සමාජය සංවිධානය කිරීමේ උවමනාවෙන් සහ හැකියාවෙන්ද,ක්‍රීඩාව, කලාව සහ සාහිත්‍ය විෂයන් සම්බන්ධයෙන් වන දැණුමෙන් සහ භාවිතාවෙන්ද වන නිලක්ෂිට මේ කේෂ්ත්‍ර යා කිරීමේ සමාජ අවශ්‍යයතාවය වෙනුවෙන් අලුත් අක්ෂියක් සැකසීමේ හැකියාව ඇති තරුණියකි.
අලුත් සාහිත්‍යය. කලාව සහ ක්‍රීඩාව යා කරන පාළමක් හැටියටත්,එම දායකත්වය අනාගතය වෙනුවෙන් යොදා ගැනිමට ඇයගේ ඉංග්‍රිසි දැණුමෙන් සහ මනෝ උපදේශන දැණුමෙන් ගුරුවරියක ලෙස ද ලාංකේට අධ්‍යාපනයට සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම තේරුම් ගැනිම තුළ නිලක්ෂි මීටත් වඩා සමාජයට වටිනා ගැහැණියක වනු ඇත.ඒ සියල්ල ඈ වෙනුවෙන්ද රට වෙනුවෙන්ද සිඳුවීමට සමාජය සැකසේවා යන ප්‍රාර්ථනය සමඟම එළැඹෙන ජාතික ක්‍රීඩා උළෙලේ බොක්සිං සූරතාවයේදි නිලක්ෂිගේ ගෙල රනින් සැරසේවා යනුවෙන් ද අපි පතන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...