ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායලයේ සේවයේ නියුතු පිරිස් සඳහා විශේෂ දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW :

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායලයේ සේවයේ නියුතු පිරිස් සඳහා විශේෂ දැනුම් දීමක් සිදුකරයි.

ඒ, පවතින යුදමය වාතාවරණයත් සමග ගුවන්තොටුපොළවල් වසා දැමීම හේතුවෙන් ඔවුන්ට යළි නියමිත දිනවලදි ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙස දැනුම් දෙයි.

ඒ අනුව අද (15) දිනය තුළ තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.
ඒ නැවත ඇතුළුවීමේ වීසා කල්ඉකුත් වුවහොත් ඔවුන්ට යළි ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි බැවිණි.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසූවේ, නැවත ඇතුළුවීමේ වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා ඊශ්‍රායල රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බැවින් මේ වනවිට මෙරටට පැමිණ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් අද දිනය තුළ අදාළ විස්තර 071 – 844 73 05, 071 – 683 35 13 හෝ 071-974 2095 යන දුරකථන අංක වෙත WhatsApp මාර්ගයෙන් යොමුකරන ලෙස දැනුම් දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති යළි දිවයිනට!

රෂිකා හෙන්නායක ජූලි 31කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද!

කොළඹ LNW:සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙය් දෙවන කුඹල් පෙරහැර වීදි...

ට්‍රම්ප් ඉන්දියාවට හා දකුණු කොරියාවට නව බදු පනවයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

BYD – බදු අය කරන්නේ කාර් එකටද ? කාර් එකේ සොෆ්ට්වෙයා එකටද ??

BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ 1100ක් පමණ හම්බන්තොට...