දේශබන්දුට එරෙහිව පියවර නොගැනීම; මහජන ආරක්ෂක ලේකම් අධිකරණයට කැඳවයි

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විනය පියවර නොගැනීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණය හමුවට කැඳවා තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද මෙම නියෝගය නිකුත් කළේය.

පසුගිය මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම විරෝධතාවලට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල විය. අදාල චෝදනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබූ අතර කෙසේ නමුත් එම උපදෙස්වලට අනුව කටයුතු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ක්‍රියා නොකළේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිස් ආඥා පනතේ නියෝග අනුව විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...