ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:”රනිල් මහින්දලට කියන්නේ ඔයාලගේ කාලේ දැන් ඉවරයි. හාන්සි පුටුවකට වෙලා මුණුබුරු මිනිබිරියන්ගේ ඇප උපස්ථාන ලබමින් ඉන්න ඕනේ කාලේ. අලුත් පරම්පරාව දැන් රට භාර අරන් තියෙන්නේ මහත්තයෝ ඔයාලා දැන් විශ්රාම යන්න” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ පැවසුවේය.
ඉතිහාසයේ තමන් හොඳක් කළා නම් එය සිහිපත් කරමින් වාඩි වී සිටින ලෙසයි මන්ත්රීවරයා සඳහන් කළේ.
මේ වන විට රටේ ආර්ථිකය බින්දුවක් හෝ වැටී නැති අතර පසුගිය වසර එකහමාර තුළ ඉතා වේගයෙන්, ක්රමයෙන් ආර්ථිකය ශක්තිමත් කරමින් ආපනයන ආදායම, විදේශ ප්රේෂණ ආදිය වැඩි කරගෙන ඇති බවත් ඔහු ප්රකාශ කළේය.
පසුගිය මාස කිහිපයේ යම් අඩපණ වීමක් සිදු වූයේ ගෝලීය වශයෙන් මුහුණ දුන් යුදමය තත්ත්වය හේතුවෙන් වූ නමුත් ඊයේ දිනය වන විට පවතින තත්ත්වය අනුව ඇමරිකාව ඉරානය සහ ඊශ්රායල පවත්වාගෙන ගිය යුදමය තත්ත්වය අවසන් කිරීමට ඔවුන් ක්රියා කළ හොත් ඉන්ධන, පොහොර ඇතුළු ප්රශ්න විසඳා ගැනීමට හැකි වනු ඇති බවද මන්ත්රීවරයා පෙන්වා දෙන ලදී.
ඒ අනුව ලෝක සාමය ප්රාර්ථනා කරන බවයි ඔහු පැවසුවේ.
මන්ත්රීවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (15) කඩුවෙල ආසනයේ ග්රාමීය මාර්ග තුනක නැවතී තිබූ ලංගම බස් රථ ධාවනය යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.


