ගෝලීය මූල්‍ය සමුළුවකට ජනපති රනිල්ට ප්‍රංශ ජනපතිගෙන් ඇරයුම්

Date:

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ආරාධනා කර තිබේ.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ‘වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම’ යන තේමාව යටතේ ජුනි මස 22 සහ 23 යන දෙදින ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත් වේ.

ගෝලීය ප්‍රජාව පීඩාවට පත් කර ඇති බහුවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතය.

දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමිවීමේ සිට කොවිඩ්-19 වසංගතයේ බලපෑම, යුද ගැටුම් ඇතුළු ගැටලු රැසකට ගෝලීය ප්‍රජාව මුහුණ දෙමින් සිටිති. මෙම අභියෝගවලට මුහුණදීම සඳහා නව මූල්‍ය ගිවිසුමක අවශ්‍යතාව හඳුනාගෙන ඇති ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සාමූහික ක්‍රියාකාරීත්වයේ වැදගත්කම අවධාරණය කරමින් සමුළුව සඳහා සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල ආරාධනාවක් සිදුකර තිබේ.

බහුපාර්ශ්වික මූල්‍ය අංශය ප්‍රතිසංස්කරණය කිරීම සහ තිරසර සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන කාබන්වලින් තොර, ගෝලීය ආර්ථිකයකට මාවතක් තැනීම සඳහා හවුල් දැක්මක් ස්ථාපිත කිරීම සමුළුවේ තවත් අරමුණකි.

නවදිල්ලියේ පැවැත්වීමට නියමිත G-20 නායකයින්ගේ 18 වන සමුළුව, නිව්යෝර්ක්හි පැවැත්වීමට නියමිත තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ඩුබායි හි පැවැත්වීමට නියමිත COP-28 සමුළුව ඇතුළු ඉදිරි වසරේ ජාත්‍යන්තර දින දර්ශනයේ ප්‍රධාන සාකච්ඡා සහ සමුළු සමඟ බ්‍රිජ්ටවුන් මුලපිරීම (Bridgetown Initiative) ඇතුළු විවිධ න්‍යායපත්‍ර ගණනාවක් සම්බන්ධ කිරීමට සත්කාරක රට ලෙස ප්‍රංශය ප්‍රයත්න දරයි.

රාජ්‍ය නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධාන, සිවිල් සමාජයේ සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන්ගේ සන්ධානයක් ගොඩනඟමින්, සාමූහික දැක්මක් තුළ තිරසාර අනාගතයක් සඳහා අවශ්‍ය වෙනස්කම් ක්‍රියාවට නැංවීම මෙම සමුළුවෙන් අවධාරණය කෙරේ.

ඉදිරි පරම්පරාවන් සඳහා යහපත් අනාගතයක් ගොඩනැගීමේ දී සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වය පිළිබඳ ප්‍රංශ ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කරන අතර අතීත ජයග්‍රහණ අභිබවායමින් ආර්ථික, සමාජීය සහ පාරිසරික ප්‍රාග්ධනය පෝෂණය කිරීමේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට මෙම සමුළුව මනා පිටිවහලක් වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...