ඩෙංගු ව්‍යාප්තිය පාලනය පිළිබඳ බස්නාහිර පළාත් අනුකමිටුව රැස්වෙයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා පත් කරන ලද බස්නාහිර පළාත් අනුකමිටුව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ඊයේ (14) රැස් වූ අවස්ථාවේදී ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අර‍ඹේපොල මහත්මිය පවසා සිටියේ, ඩෙංගු ආසාදිතයෙකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ පණිවිඩය කඩිනමින් ජනතාව අතරට ගෙන යා යුතු බවයි.

එබැවින්රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ , ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා රෝගීන් මෙන්ම ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා තුරු සියලු උණ රෝගීන්ද මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ජනතාව පෙළඹවිය යුතු බවත්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ජනමාධ්‍ය සහාය අවශ්‍ය බවත්ය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ඩෙංගු පාලනය සඳහා අමාත්‍ය කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම විශේෂඥ කමිටුව මඟින් පළාත් මට්ටමින්ද අනුකමිටු 09ක් පත් කරනු ලැබීය .

වත්මන් තත්ත්වය රෝග වාහකයා සහ වෛරස් ප්‍රමාණය පාලනය කිරීමට කඩිනමින් පියවර ගත යුතු අවස්ථාවක් බව ද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දී ඇති අතර , රෝහල් අවට ප්‍රදේශයන්හි ඩෙංගු පාලනයට වෙනමම මාර්ගෝපදේශ සකස් කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දී ඇත

රෝහල් ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා උණ රෝගීන් සඳහා පමණක් වෙන් කළ ස්ථානවල (Fever corners) ඔවුන් හුදෙකලා කිරීම මෙන්ම ඩෙංගු ආසාදිතයකු ලෙස හඳුනා ගන්නා රෝගීන්ගෙන් තවත් අයකුට රෝගය බෝ වීමට ඇති අවස්ථා පිළිබඳ කෙටි පණිවිඩයක් මඟින් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද වැඩිදුරටත් උපදෙස් දී ඇත .

සීතා අරඹේපොල මහත්මිය අදාළ අංශ වෙත වැඩිදුරටත්  උපදෙස් දී තිබෙන්නේ ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස පාසල්, පූජනීය ස්ථාන, රජයේ සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ පරිශ්‍ර මෙන්ම අත්හැර දමා ඇති බිම් කොටස් පරීක්ෂා කිරීම සඳහා සතියේ දින පහ වෙන් කර ගන්නා ලෙසත්, ස්ථානීය පරීක්ෂාවන් සඳහා පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත්ය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...