ක්‍රීඩා නිලවරණ තුනක් ජූලි 25 දා ට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 16, කොළඹ (LNW): ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විසුරුවන ලද ක්‍රීඩා සංගම් හතරෙන් තුනකම නිලවරණ පැවත්වීම ජූලි 25 වන දාට යෙදීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.සාමාන්‍යයෙන් මේ ආකාරයට ක්‍රීඩාවන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත පැවරීමෙන් පසුව එම නිලවරණ නොපවත්වා ඒ ක්‍රිඩාව මත බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් රැදී සිටීමේ ලක්ෂනය දැක ඇති ඉතිහාසයක මේ ආකාරයට ඉක්මනින් නිලවරණ පැවත්වීම සිඳු කිරිම යහපත් තත්ත්වයක් ලෙස සැළකිය හැකියි.


ජූලි 25 වන දා පවත්වන නිලවරණයේ දි මෝටර් ක්‍රීඩා පරිපාලනයට,නෙට්බෝල් පරිපාලනයට සහ පාපැදි පරිපාලනයට නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමේ අවස්ථාව එම ක්‍රීඩාවන් හී ඡන්ද බලය හිමි සංවිධානවලට හිමි වෙනවා.මේ අතර විසුරුවාලන ලද රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් ද නිලවරණයක් පැවත්වීමට පෙර ජූලි 15 වන දා එහි පවතින ව්‍යස්ථා සංශෝධනය ප්‍රමුඛ කරගෙන වාර්ශික මහා සභාව පැවත්වීමට කටයුුතු යොදා තිබෙනවා.පවතින ව්‍යවස්ථාමය රාමුව ඇතුළත මේ සියල්ල සඳහා අධීක්ෂණ මට්ටමෙන් මෙහෙයවීම හැරෙන්නට ක්‍රීඩාවේ ස්වාධීනත්වයට බලපෑමක් ඇති කිරීමට මැදිහත් නොවන බව මීට පෙර පැවති හමුවකදී රගර් සංවිධාන වෙත අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසා තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...