විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගෙන් ජනපතිට ප්‍රශංසා!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 16 , කොළඹ (LNW):

මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශංසා කරන බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අද (16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මඩු පල්ලිය මාර්ගයේ මාර්ග බාධක ගැටළුව විසඳීම ඇතුළු ගැටළු විසඳමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා ජනාධිපතිවරයා ලබා දෙන නායකත්වය අගය කරන බවද රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

ජනාධිපතිතුමා අද මන්නාරමට පැමිණ මෙහි ජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබා දුන්නා. ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමට අවශ්‍ය සැලසුම් එතුමා සතුව තිබෙනවා. ඒ වෙනුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.

යහපාලන ආණ්ඩුව සමයේ මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් වෙන් කළා. නමුත් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක නොවූ අතර වුවමනාවෙන්ම එය මඟහැර දැමුවා. ඒ වගේම පසුගිය වසර 04ක කාලය තුළ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු මුදලක් වෙන් කර නැහැ. මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර මෙම වසරේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීම පිළිබඳ මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...