ආර්ථික අර්බුදයට විසඳුම් දෙන්න අගමැති රනිල්ගෙන් Road Map එකක්!

Date:

පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවෙක්ෂ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් සමග පවත්වන ලද සාකච්ඡාවකදීය.

මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු එම මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ.

එහිදී මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇති අතර අනතුරුව රටේ ආර්ථික ව්‍යසනය අවම කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා සාකච්ඡා කර තිබේ.

එම සාකච්ඡාව සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කුමාර වෙල්ගම, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අලි සබ්‍රි, අනුර ප්‍රියදර්ශන යාපා, චරිත හේරත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහභාගී වී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...