ආර්ථික අර්බුදයට විසඳුම් දෙන්න අගමැති රනිල්ගෙන් Road Map එකක්!

Date:

පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවෙක්ෂ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් සමග පවත්වන ලද සාකච්ඡාවකදීය.

මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු එම මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ.

එහිදී මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇති අතර අනතුරුව රටේ ආර්ථික ව්‍යසනය අවම කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා සාකච්ඡා කර තිබේ.

එම සාකච්ඡාව සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කුමාර වෙල්ගම, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අලි සබ්‍රි, අනුර ප්‍රියදර්ශන යාපා, චරිත හේරත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහභාගී වී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...