අරුණ දර්ශනට දෙවන තැන

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 17, කොළඹ (LNW):

බහමාස් හී පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ රිදී වර්ණැති NACAC New Life Invitational ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 ඉසව්ව නියෝජනය කළ අරුණ දර්ශන මීටර් 400 ඉසව්වේ දෙවන තැන දිනා ගැනීමට සමත් විය.ඒ සඳහා අරුණ ගත කළ කාලය තත්පර 45.88 ක් විය.


තරගයේ දෙවන මීටර් 200 සිට පෙරට ඇදුණු අරුණ පසු කරමින් අටවන මං තීරුවේ සිටි ජයග්‍රාහී ජපන් ක්‍රීඩක යුකී ජෝෂප් නකජීමා අවසන් මීටර් 40 දී සුවිශේෂි ජවයකින් යුතුව පෙරට ඇදෙමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගන්නට සමත් විය.අරුණ ට මේ ජයග්‍රහණයෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ නිල ලකුණු සටහනෙන් හිමිවන ලකුණු ප්‍රමාණයට අමතරව තවත් ප්‍රසාද ලකුණු 80 ක් ද හිමිවන්නේය.


මෙම තරගයේ ජයග්‍රහණය ලද නකජීමා තත්පර 45.49 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...