දැඩි උණුසුම හේතුවෙන් හජ් වන්දනේවේ ගිය 14 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 17,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර සෞදි අරාබියේ හජ් වන්දනාව අතරතුර දැඩි උණුසුම හේතුවෙන් ජෝර්දාන පුරවැසියන් 14 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බව ජෝර්දානයේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

අතුරුදන් වුවන් සොයා විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතර තවත් ඉරාන වන්දනාකරුවන් පස් දෙනෙකුට ද ජීවිත අහිමි වූ බව ඉරාන රතු ක්‍රෙසන්ට් තහවුරු කර ඇති බව AFP ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ. ඔවුන් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණයව නොමැත.

හජ් යනු ලොව විශාලතම මහජන රැස්වීම්වලින් එකක් වන අතර සෞදි බලධාරීන්ට අනුව මෙම වසරේ වන්දනාකරුවන් මිලියන 1.8 කට වැඩි පිරිසක් සහභාගී වේ. මෙම සතියේ මක්කම උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 (114.8F) ඉක්මවූ අතර, එළිමහනේ සහ පා ගමනින් සිදුකරන බොහෝ චාරිත්‍ර විශේෂයෙන් වැඩිහිටියන්ට ජිවිත අවදානම් ඇතිකර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...